Ethnic: අළු යට ගිණි

22fae81ebac0623d5d1e70f9c5bee9e1_Lසිංහල දෙමළ ජනතාව අතර විශ්වාසය පළුදුවීමේ ලොකු හිඩැසක් තවමත් පවතින බව එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

පසුගියදා දිවයිනට පැමිණි ඒ මහතා මෙරට ඉහළ පෙළේ දේශපාලනඥයින් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් හමුවිය. එහිදී ලද අත්දැකීම් අනුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව හෙතෙම නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ පොදු අනාගතයක් ගොඩනැගීම සඳහා අතීතයේ ගැටලු විසඳා ගැනීමට හැඩ ගැසීම ශ්‍රී ලාංකිකයන් විසින්ම කළ යුතු බවත්ය.

පසුගිය දින හතර තුළ ශ්‍රී ලංකාවේදී සාධනීය, ඵලදායී සාකච්ඡා පැවැත්වීමට හැකිවූ බවත් ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද හා සාමාකාමී පරිවර්තනය ජාත්‍යන්තරව අවධානයට ලක්වූ බවත් තමා ශ්‍රී ලංකාවේ ගත කළ කෙටි කාලය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමැතිවරුන්ද දේශපාලන නියෝජිතයන්ද හමුවී අදහස් හුවමාරු කර ගැනීමේ අවස්ථාව ලැබුණු බවත් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා පෙන්වා දී තිබේ.

ශ්‍රී ලාංකිකයන් ගැටුම් සමයේදී පීඩාවට පත්වූ බව එක්සත් ජාතීන් පිළිගන්නා බවත් කොමිසන් ගණනාවක් ක්‍රියාත්මක වුවද දුක් ගැනවිලි හා නොවිසඳී ඇති ගැටලු රාශියක් පවතින බවත් ඔහු පෙන්වා දෙයි. කෙටි කාලීනව ඉඩම්, රඳවා ගැනීම් සහ සිවිල් ජනතාව වෙසෙන පෙදෙස්වල හමුදාව පවත්වා ගැනීම වැනි ප්‍රශ්න විසඳීමට පියවර ගන්නා මෙන් ශ්‍රී ලංකා රජයේ නායකයන්ගෙන් ඉල්ලා සිටි බවද ඔහු එම නිවේදනයේ සඳහන් කර තිබේ.

 

 

the gap between sinhala and tamil ethnicities are wide

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!