Exicutive:මෛත්‍රී විධායක අගමැතිකමට

rajitha sena

විධායක ජනපති ක්‍රමය අහෝසි කළහොත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක අගමැති ලෙස ලබන ඡන්දයට ඉදිරිපත් කළ යුතු යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

එමෙන්ම විධායක බලය නැති කළහොත් ජනපතිකමින් ප්‍රයෝජනයක් නැතැයිද එවිට ජනාධිපති නාමික ජනපතිවරයෙක් වන්නේ යැයිද රාජිත සේනාරත්න මහතා වඩිදුරටත් සඳහන් කරයි.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව දැන්වීම සඳහා පැවති පළමු මාධ්‍ය සාකච්ඡාවේදීද ඉදිරියෙන්ම සිට කටයුතු කළ රාජිත සේනාරත්න මහතා පුන පුනා පැවසූවේ විධායක ජනාධිපති යනු විස දළ සහිත සර්පයෙකු බවයි. තවත් විටෙක ඔහු පැවසූවේ විධායක පුටුවේ වාඩිවන ඕනෑම පුද්ගලයෙකු භයානක යක්ෂයෙකු වන බවයි. එහෙත් දැන් ඔහු ගේ යෝජනාව මෛත්‍රී   මේ භයානකයක්ෂයා බට පත් කිරීමයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා වැනි ඉතා නිහතමානී ජනාධිපතිවරයෙකු යටතේ මෙම විධායකයේ බලතල අඩුකරන බවත් එය මුළුමනින්ම අහෝසි කර දැමීම තම අපේක්ෂාව බවත් ඔහු පොදු අපේක්ෂක වේදිකාවේ සිට ජන රැලිවලදී පැවසීය. දැන් රාජිත සේනාරත්න මහතා  මේ කරන යෝජනාව මුලින් කියූ දේට සම්පුර්ණයෙන්ම පටහැනිය.

රාජිත සේනාරත්න ඇමතිවරයා දැන් පවසන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන් ලක්ෂ 62ක් ජනතාව එතුමා කිසිදු බලයක් නැති පුද්ගලයකු වනු දකින්නට අකමැති බවය. මේ ජනතාව එක සිතින් සිරිසේන මහතාට ඡන්දය දුන්නේ ඔහුව බලයෙන් පිම්බුන ජනාධිපතිවරයෙකු කිරීමට නොව නිශ්චිත මෙහෙවරක් වූ  විධායක ජනපති ක්‍රමය අහෝසි කරවා ගැනීමේ මෙහවර ඉටු කරවා ගැනීමටය.ඒ මෙහවර  ඉටු  නොකට වෙනත් කථා වලින් ජනතාව රැවටීමට තැත් කළහොත් ප්‍රතිපලය යහපත් නොවනු ඇත.

විධායක අගමැතිකම කියා තනතුරක් නැති බව කියා සිටීයේ මංගල සමරවීර මහතාය. අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට වගකිවයුතුය. මේ සරල සත්‍ය රාජිත සේනාරත්නට තේරුම් ගත නොහැකිවීම අවසනාවකි.මේ පිළිබඳව මංගල සමරවීර මහතා ගෙන් කරුණු පැහැදිලි කර ගතහොත් එය රටටත් ඔහුටත් වැඩ දායක වනු ඇත.

president to contest for executive priminister-rajitha

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.