Field Marshal:ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා භූමිකාව ගැටළුවක්

sarath-fonseka-released-ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ලබන 22දා ෆීල්ඩ් මාෂල් ධුරයට පත් කිරීමට නියමිතව තිබුන ද, ඔහු එම තනතුර යුධ හමුදාවේ සක්‍රිය සේවයට අනුයුක්ත කරන ලෙසට කල බලපෑමක් හේතුවෙන් මේ වනවිට අර්බුදයක් පැනනැගී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

එම ඉල්ලීම අනුමත කළහොත් යුධ හමුදාවට අණදීමේ බලය දේශපාලන පක්ෂ නායකයකු වන සරත් ෆොන්සේකා මහතාට හිමි වන බැවින්, ආණ්ඩුවේ ප්‍රබලයින් කිහිප දෙනෙකු ඊට විරෝධය පලකට ඇත.

එල්.ටි.ටි.ඊ. පරාජය කිරීම උදෙසා කල කැපවීමට ගෞරවාන්විත තනතුරක් ලෙස සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාෂල් ධුරය ලබාදීම සාධාරණ වුවද, එය නාමමාත්‍රික තනතුරකට පමණක් සිමා කරන ලෙස ඔවුන් ජනාධිපතිවරයාට යෝජනා කර තිබේ.

කෙසේවුවද, ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, ෆීල්ඩ් මාෂල් ධුරයට අදාළ ඇඳුම් පැළදුම් හා තරු පටි සකසා ගන්නා ලෙස සරත් ෆොන්සේකා මහතාට දැනුම්දී ඇත.

ෆොන්සේකා මහතා මීට පෙර කියා සිටීයේ තමන් දේශපාලන භූමිකාවක් ගැන හිතනවා මිසක් හමුදා ජීවිතයක් ගැන නොහිතන බවයි.එහෙත් ඔහු හමුදා පත්වීම් වලට බලපෑම් කරන බව ප්‍රසිද්ධ  කරුණකි.

ෆොන්සේකාගේ නිර්දේශ ඉවතට :

මේ අතර, හමුදාව තුළ නව වෙනස්කම් සිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රබල මැදිහත්වීමක් සිදුකළ හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා, ඔහුට හිතවත් නිලධාරීන් කිහිපදෙනකු වැදගත් තනතුරු සඳහා නම් කිරීමට කටයුතු කළ නමුත් ඔහුගේ නිර්දේශ මත පත්කරනු ලැබූ ඇතැම් නිලධාරීන් යළිත් වතාවක් මාරු කිරීමට ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ නිර්දේශයන්ට අනුව නව හමුදාපතිවරයා කටයුතු කළේය.

ජෙනරාල් ෆොන්සේකාට හිතවත් නිලධාරියෙකු වූ බ්‍රිගේඩියර් දුමින්ද කැප්පෙටිවලාන යුධ හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ ධුරයට පත් කැරුණද, යළි ඉන් ඉවත්කොට පාබල හමුදා අධ්‍යක්‍ෂ ධූරයට පත් කරනු ලැබ තිබේ. ඊට හේතු වශයෙන් දක්වා ඇත්තේ, ඔහු කොළඹ ආඥාපති ලෙස කටයුතු කළ සමයේ සිදුවූ පුද්ගල පැහැරගැනීම්, අතුදහන් කිරීම්, මරාදැමීම් හා කප්පම් ගැනීම් ඇතුළු සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන අරඹා ඇති බැවින්, ඊට බලපෑමක් ඇති නොවනු පිණිස මෙම මාරුව සිදුකළ බවය.

සිංහ රෙජිමේන්තුව නියෝජනය කරන මොහු සිංහ රජිමේන්තු මූලස්ථාන සේනා විධායක ලෙස ද, කොළඹ බල සේනා ආඥාපති ලෙස ද කටයුතු කර ඇත.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුව මගින්මොහුව අත්අඩංගුවට ගෙන මාස 6ක පමණ කාලයක් රඳවා තබාගන්නා ලදී. සරත් ෆොන්සේකා හමුදාපති සමයේ මොහු යුධ හමුදාපති මෙහෙයුම් පිළිබඳ නිලධාරියා ලෙසද කටයුතු කරමින් 59 වැනි සේනාංකය සමග මුලතිව් හි අවසන් යුධ මෙහෙයුමට දායකවුවෙකි. පසුගිය කාලයේ විදේශගතව සිට මැතිවරණයෙන් පසු ආපසු රටට පැමිණ යළි හමුදා සේවයට එක් විය.

srilanka mirror

 

sarath fonseka’s field marshal role in question .

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.