Field Marshal ෆොන්සේකාට වරප්‍රසාද ගොන්නක්

 

sssssප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් තනතුරට පත්කිරීමත් සමගින් ඔහට වරප්‍රසාද සහ බලතල රැසක් ලැබීමට නියමිතය.

ෆීල්ඩ් මාර්ෂල් තනතුර තරු පහක  ජෙනරාල් නිලයකට සමාන වන අතර ෆීල්ඩ් මාර්ෂල් නිලය දරන්නෙකු දිවි ඇති තෙක් විශ්‍රාම නොගොස් සක්‍රීය සේවයේ සිටින්නෙකු ලෙස සලකනු ලැබේ.

මෙය  ගෞරවනීය තානාන්තරයක් වන අතර, ෆීල්ඩ් මාර්ෂල්වරයෙකු මෙහෙයුම් හෝ පරිපාලන වගකීම් නොදරනු ඇත.කෙසේ වෙතත් ෆොන්සේකා මහතා සක්‍රීය දේශපාලනයේ නියුතු හෙයින් ගැටළු පන නැගීමට ඉඩ ඇත සාමාන්‍යයෙන් මෙවැනි උසස් ත්නත්රකට පත් වූ පසු ඒ ආයතන ව්‍යුහයෙන් අත්ව සිටීම සාමාන්‍යය සම්ප්‍රදායයි.එහෙත් ෆොන්සේකා මහතා හට කරුණු යෙදුනු හැටියෙන් ඔහුට දිගටම දේශපාලනයේ නිරත වීමට සිදු විය.මෑත සිදුවූ පත්වීම් වලට ඔහු පුද්ගලයින් නිර්දේශ කල අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වල ඇතැම් පිරිස් විරෝධය පල කළහ.අනෙක් අතට ෆොන්සේකා මහතට දීර්ග කාලයක් තිස්සේ කෙරුණු අකටයුතු කම් නිවරදි කිරීමපිළිබඳව දැඩි ප්‍රසාදයක් දක්වන පිරිස්ද සිටිති.

කෙසේ වෙතත් ෆොන්සේකා  මහතා ගේ දේශපාලන සහ සක්‍රීය ලෙස හමුදාවට මැදිහත්වීම වතුර සහ  තෙල් කලවම් කිරීමකට සම වෙනු ඇත. මේ තත්වය ඇති කරගත් තත්වයකට වඩා සිදුවූ තත්වයක් සේ සලකා කටයුතු කළහොත් එහි අනිටු බලපෑම පාලනය කරගත් හැකි බව නිරීක්ෂකයින් පෙන්වා දෙති.

 

sarath-fonseka-free-home-5

බලතල හා වරප්‍රසාද :

ෆීල්ඩ් මාර්ෂල් නිලයට ආදාලව ෆොන්සේකා මහතාට ලැබෙන  බලතල හා වරප්‍රසාද පහත සඳහන් අයුරු වනු ඇත.

1) ෆීල්ඩ් මාර්ෂල්වරයෙකු නිලධාරීන් හතරදෙනෙකු 04 හා සෙසු නිලයන් 150 කින් යුත් මුරයකආචාරයෙන් ලැබීමට සුදුසුකම් ලබයි.

2) ෆීල්ඩ් මාර්ෂල්වරයෙකුට මියැදෙන තෙක් සියලු දීමනා සහිතව වැටුප් ලැබීමට හිමිකම් ඇත.

3) ෆීල්ඩ් මාර්ෂල්වරයෙකුට ජීවිත කාලයටම බලපාන අයුරු ලේකම් කාර්යාලයක් සේවක මණ්ඩලයක් ලැබෙනු ඇත.

4) ෆීල්ඩ් මාර්ෂල්වර‍යෙකු මියගිය විට හමුදා උත්තමාචාර සහිත අවමඟුල් පෙළපාලියක් පැවත්වෙනු ඇත. ආචාර කාල තුවක්කු වෙඩි මුර 21 කින් සමන්විත අවමඟුල් උත්සවයකට හිමිකම් කියනු ඇත.

5) ෆීල්ඩ් මාර්ෂල්වරයෙකුට පහත සඳහන් පහසුකම් සේවයේ නියතු ජෙනරාල්වරුන් මෙන් රජයෙන් ලැබෙනු ඇත.
අ) ජීවත්වීමට සුදුසු නිල නිවසක් (හමුදා ප්‍රධානීන්ට මෙන්)
ආ) අවශ්‍ය ප්‍රමාණයට හමුදා නිලධාරීන්ගෙන් යුත් ආරක්ෂාව.
ඇ) යුධ හමුදාවෙන්  සපයන ලද හමුදා ප්‍රධානීන්ට ලැබිය යුතු මට්ටමේ ප්‍රවාහන පහසුකම්.

6) ෆීල්ඩ් මාර්ෂල්වරයෙක් මිය ගිය විට ඔහුගේ බිරියට ෆීල්ඩ් මාර්ෂල්ගේ වැටුප හා දීමනා දිගටම ජීවිතය පවතිනතාක් කල් ගෙවීමටත්, ෆීල්ඩ් මාර්ෂල්වරයා ජීවත් වූ නිල නිවසේ ජීවත් වන තුරු ජීවත් වීමටත් අවසර ලැබේ.

 

Field marshal Fonseka receives many previladges

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!