Field Marshal :ෆොන්සේකා තනතුර ලබාගත් හැටි

 

 

 

 

 

 

 

ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් තනතුරට පත් වෙන්නේ ගිරි දුර්ග රැසක් තරණය  කිරීමෙන් අනතුරුවය.

සිංහ රෙජිමේන්තුවෙන් බිහිවූ ප්‍රථම යුද හමුදාපතිවරයා වන ෆොන්සේකා  ශ්‍රී ලංකා යුද හමුදාවේ 18 වැනි හමුදාපතිවරයා මෙන්ම සිර දඬුවම් ලැබූ ප්‍රථම හමුදාපති වරයාද වෙයි.

සුදු කොඩි  අතින් ගත් කොටි සංවිධාන සාමාජිකයින් යටත් වීමට තැත් කළ විට ඔවුන් මරා දැමුවා කියන ආන්දෝලනාත්මක කථාව පිළබඳව බී බී සි ය ගෝඨාභය ගෙන් විමසු විට

ඔහු කෝපයෙන් වෙව්ලමින් කියා  සිටියේ සරත් ෆොන්සේකා  දේශද්‍රෝහී ක්‍රියා කිරීමේ වරදට එල්ල මර දමන බවයි.

කාලයාගේ අවෑමෙන් ගෝඨාභය පසුපස නීතිය හඹා එන්නට පටන් ගෙන ඇති අතර ෆොන්සේකා රණශුරයෙකුට ලැබිය හැකි ඉහළම තනතුරෙන් පිදුම් ලබයි.

එදා මෙදා තුර ගතවූ කාල පරාසය තුලදී මේ වෙනස ඇති කරවා ගැනීම සඳහා ෆොන්සේකා කළේ එකම එක දෙයකි.

ඔහු යුධ බිමේදී ගත් ක්‍රියා මාර්ගය ඒ ලෙසින්ම දේශපාලන බිමෙදීත් අනුගමනය කළේය.

 

 

 

‘ඉස්සරහට ගියොත් ජොනී පස්සට ගියොත් ෆොනී’

 

මේ උපක්‍රමය නම් ලේසියටත් පහසුවටත් ගත හැකි ක්‍රියා මාර්ග නොගෙන දුෂ්කර මාර්ග ඔස්සේ ගමන් කොට තමන්ගේ අභිමතාර්ථ මුදුන් පත් කර ගැනීමයි.

සටන් බිමේදී සෙබළුන් කීවේ’ඉස්සරහට ගියොත් ජොනී පස්සට ගියොත් ෆොනී’ යනුවෙනි. ජොනී යනු පයට පෑගෙන බට්ටන්ය.ෆොනී යනු නෑ  බෑ පිළි නොගන්නා

ෆොන්සේකාය. සටන් කිරීමට පසුබට වූ හමුදා නිලධාරින් කොන් කිරීමටත් හමුදාවෙන් පැන  ගිය සෙබළුන් දහස් ගණනින් වැලිකඩටත් යැවීමට ඔහු පසුබට නොවීය.

සම්ප්‍රදායික යුධ න්‍යාය අනුව මුලින්ම අල්ල ගත යුත්තේ පහසුවෙන් අල්ලා ගත හැකි ස්ථානය එහෙත් ෆොන්සේකා මුලින්ම පහර දුන්නේ කොටි සංවිධානයේ මර්මස්ථාන වලටය.

එහිදී සිදුවෙන පාඩු ගැන තැකීමක් නොකොට  අරමුණ ගැන පමණක් කල්පනා කළේය.මේ දුෂ්කර ක්‍රියා මාර්ගය ගැනීම හේතුවෙන් ගාණක් මිම්මක් නැතුව ජීවිත හානි සිදුවූ බව

කෙනෙකුට තර්ක කළ හැකිය.අනෙක් අතට සියලු පැති ගැන කල්පනා  කරමින් යුද්ධය කළා නම් සටන නිමා කිරීමට තවත් දිගු කලක් ගත වීමට ඉඩ තිබු බවත් ඒ කාලය තුලදී

කේවල් කිරීම තුලින් කොටි සංවිධානයට තම අරමුණු ඉටු කර ගත හැකිව තිබුණු බවත් තවත් කෙනෙකුට තර්ක කල හැකිය.

තර්කයට

ෆොන්සේකා යනු තර්කයට ඉඩ දෙන්නෙක් නොවේ.ඔහුට වැදගත් වන්නේ ක්‍රියාවයි.රාජපක්ෂ ඔහුට නඩු පිට නඩු දමන විටත් ඔහු ඒකායන අරමුණෙන් යුතුව ඊට මුහුණ දුන්න්නේය.අර්ධ නිදහස ලැබුණු පසුත් වෙනස් නොවීය.රාජපක්ෂ ගෙන් ඕනෑම දෙයක් ලබා ගත හැකි අවස්ථාවක් උදාවූ මොහොතෙත් ඔහු වෙනස් නොවීය.

ඉදිරියටත් එහා පැත්ත මෙහා පැත්ත බලන්නේ නැතුව ඔහු ගමන් ගනු ඇත.දේශපාලනයේදී එවන් ගමන් ගුණ නැති බව කෙනෙක් කියනු ඇත.එහෙත් ෆොන්සේකාට එවැනි උපදෙස් වලට සවන් දීමට අවශ්‍ය  නොව්නොවන්ය් ඇත.මන්ද යත් ඔහු දිනාගත් හැම දේම දිනාගත්තේ ර්හොර ගත් මගෙහි අචල ගමන් කිරීමෙනි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.