Film Released ‘ඔබ නැතුව ඔබත් එක්ක‘ නිදහස්

සමන් අතාවුදහෙට්ටිගේ සභාපතිත්වයෙන් යුත් නව ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මගින් ප්‍රසන්න විතානගේ ගේ ‘ඔබ නැතුව ඔබත් එක්ක‘ චිත්‍රපටයේ එකම දර්ශනයක්වත් නොකපා වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටයක් ලෙස ප්‍රදර්ශනය සඳහා අනුමැතිය ලබාදී තිබේ.

ගාමිණී සුමනසේකරගේ සභාපතිත්වයෙන් සහ ගාමිණී වේරගම- චන්ද්‍රසිරි පල්ලියගුරු වැනි විචාරකයන්ගෙන් සැදුම්ලත් මහින්ද රජපක්ෂ ආණ්ඩුව යටතේ පැවැති රැඟුම් පාලක මණ්ඩලය මගින් ‘ඔබ නැතුව ඔබත් එක්ක‘ චිත්‍රපටයේ දර්ශන කිහිපයක් සහ දෙබස් කිහිපයක් කපා හරිනතුරු මහජන ප්‍රදර්ශනයට ඉඩ දිය නොහැකි බව දන්වා තිබිණ.

 

ප්‍රවීන මධ්‍යයවේදියෙක් වන සමන් අතාවුදහෙට්ටි තමන්ට පුළුල් දැක්මක් ඇති බව සනාථ කොට ඇති අතර ගාමිණී සුමනසේකර වැන්නන් තමන්ගේ චින්තනයේ පටු බව ප්‍රකාශ

කොට ඇත.

Poster

එම දර්ශන කපා හැරීමෙන් තම චිත්‍රපටයේ මූලික අර්ථය යටපත් වන බව අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ දැනුම් දී තිබුණත් එම දෙබස් සහ දර්ශන නිසා අපේ හමුදාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක්වන බව ගාමිණී සුමනසේකර පවසා තිබිණි.

ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තිය ඇතිවෙන්නේ කලාත්මක නිර්මාන වාරණය හේතුවෙනි.මේ චිත්‍රපටියෙන් කියැවෙන්නේ සොල්දදුවෙක් ගේ අතීතය වර්තමානයට බලපාන ආකාරයයි.

මේ අතර නව රැඟුම් පාලක මණ්ඩලය මගින් ‘මෝටර් බයිසිකල්‘ චිත්‍රපටයේ කිසිදු ලිංගික දර්ශනයක් නොකපා ප්‍රදර්ශනය සඳහා අනුමැතිය ලබා දී ඇත.

[vsw id=”/6ZV1tJgv9KE” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

Sri lankan film released without censoring

වැඩිදුර

ප‍්‍රසන්න විතානගේ : බටහිර සිනමාවේ දේශපාලනික සාක්ෂිය

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.