Floating Armoury-ඇතුලේ අර්බුදයක්

downloadmaha

මහත් ආන්දෝලනයකට තුඩු දුන් පාවෙන අවි ගබඩා (Floating Armoury) හිමිකාර ඇවන් ගාර්ඩ් පෞද්ගලික ආරක්ෂක සමාගමේ හිමිකාර නිශ්ශංක සේනාධිපති මහතාට විදේශගත වීමට අධිකරණ අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් ඇමති චම්පික රණවක, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දොස් පවරා ඇත.

 

පසුගිය දා ජාතික විධායක සභාව රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් දීර්ග වශයෙන් සාකච්ජා කර ඇති අතර, දුෂණ විමර්ශන කාර්යාංශයේ උපදේශක ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා, නිශ්ශංක සේනාධිපති මහතාගේ ද නීති උපදේශකයා ලෙස කටයුතු කිරීම ඇමති චම්පික රණවක මහතාගේ බරපතල විවේචනයට ලක්ව තිබේ.

 

ඇවන්ගාඩ් අයිතිකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය මගින් තහනම් කළ පසු එය නැවත ලබාදීමට මැදිහත් වුණේ අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ හා අගමැති උපදේශක තිලක් මාරපන බවත් ඒ පිළිබඳව විධායක සභාවේදී තමා විමසා සිටි බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

 

”පසුගිය කාලෙ වංචා දූෂණ තිබෙන අයට දඬුවම් කළ යුතුයි. ඒ අයට දඬුවම් දුන්නෙ නැතිනම්, කවුරුන් හෝ දඬුවම් දීම වළක්වනවා නම්, දඬුවම් දීමට බාධා කරනවා නම්, අප අනිවාර්යයෙන්ම ජනතාව හමුවට ඇවිත් ඒවා සිදුකළේ කවුද කියන එක රටට හෙළි කරනවා” යයි ද ඔහු කියා සිටියේය.

 

කෙසේවුවද, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා කොළඹ පැවැති සම්මන්ත්‍රණයකදී කියා සිටියේ, ඇවන් ගාර්ඩ් පෞද්ගලික ආරක්ෂක සේවයට අයත් ‘මහනුවර’ නම් ගාල්ලෙන් සොයාගත් පාවෙන අවි ගබඩාව (Floating Armoury) පවත්වාගෙනයාමට අවශ්‍ය සෑම බලපත්‍රයක්ම ගෙන ඇති බවයි.

floating ship creates internal rifts

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.