Fonseka:ජනාධිපතිට පමණක් සැලියුට් කරන ෆිල්ඩ් මාර්ෂල් යෂ්ටිය අතට ගනී

 H1_0506
ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් ලෙස ජනරාල් සරත් ෆොන්සේකා මහතා අද පත්විය.ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ යෂ්ටිය ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් ලෙස පත්වූ ජනරාල් සරත් ෆොන්සේකා මහතාට  ආරක්ෂක අමාත්‍යංශ පිටියේ පැවති උත්සවයේදී බාර දුන්නේය.යෂ්ටිය බාර ගනිමින් මාෂල් ෆොන්සේකා ජනපතිට ආචාර කළේය. ෆීල්ඩ් මාෂල්වරයකු ආචාර කරනුයේ රාජ්‍ය නායකයාට පමණි. අගමැතිටවත් ආචාර නොකරයි. ෆීල්ඩ් මාෂල්වරයකු කිසිදාක විශ්‍රාම නොගනී. ඔහුගේ තත්ත්වය කැබිනට් ඇමැති තනතුර හා සමතැන් ගනී.උත්සව අවස්ථාවනදි ඔහු සෙන්ටි මීටර් 49.5 ක් දිගැති යෂ්ටිය වම් අතෙහි දරා සිටිනු ඇත.
fffffffffffffffffff
ෆීල්ඩ් මාෂල් තනතුරට විශේෂ ආරක්ෂක ඛණ්ඩයක් හා පෞද්ගලික කාර්ය මණ්ඩලයක්ද හිමිවේ.යුද නාවික හා ගුවන් හමුදා සම්මාන මුරයකින් පසු තරු 5 ගැසූ රියකින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නික්ම ගියේය.තිස් අවුරුදු යුද්ධයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන නායකත්වය දුන් බවත් ජනරාල් සරත් ෆොන්සේකා යුදමය නායකත්වය දුන් බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

[vsw id=”/UJ_iW8LNrVY” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.