Foreign Minister:මංගල කොළු ගැටයෙක් හා නිව්යෝර්ක්-ප්‍රතිචාරයක්

 

mangala (1)විදේශ ඇමති මංගල සමරවීර තරුණයෙයක් හා නිව් යෝර්ක් නගරයේ මිළ අධික හෝටලයක කල් ගෙවූ බවට  නැගෙන චෝදනා අසත්‍ය සහ ද්වේශ සහගත බව විදේශ අමාත්‍යාන්ශය කියා සිටී.

ඇමතිවරයාගේ මහජන සම්බන්ධීකාරක නිලධාරියා වූ  සමීර මනහර මහතා සමරවීර සග මේ ගමනට ගොස් ඇති අතර ඔහු නිල වශයෙන් මේ ගමනට එක්වූ බවත් ඔහු සුරතල් දියණියක් සිටින එක් දරු පියෙක් බව විදේශ අමත්‍යංශය පෙන්වා දෙයි.මනහර මහතා අවුරුදු හතකට අධික කාලයක් සමරවීර මහතාගේ කාර්ය මණ්ඩල සාමාජිකයෙක් ලෙස කටයුතු කොට ඇත.තමන්ගේ සෑම විදේශ ගමනකදීම එක කාර්ය මණ්ඩල සාමාජිකයෙක් රැගෙන යන බවයි ඇමතිවරයා පවසන්නේ.

මෙහිදී මිල වැඩි හෝටල් වෙන් නොකරන  ලෙස තමන් තනාපති කාර්යාල වලට දැන්වූ බවත් ඉතා සාධාරණ මිළක් අයකළ හෝටලයක  විදේශ ඇමතිවරයා සහ කාර්ය මණ්ඩලය සමගින් නතර වූ බවයි නිවේදනයේ සඳහන් වන්නේ.

රාජපක්ෂ පවුලේ අය  Waldorf-Astoria in New York and the Dorchester in London  වැනි මිල අධික හෝටල් භාවිතා කළත් සමරවීර  මහතා එසේ මිල අධික හෝටල්භාවිතා කළේ නැති බවයි ප්‍රකාශ කෙරන්නේ.

කෙසේ වෙතත් තමන්ගේ කාල සටහන මනාව දැන් සිටි තානාපති කාර්යාලය එක් දිනක් සඳහා මෙම හෝටලයේ කාමර වෙන් කරන්නේ නැතිව දින දෙකක් සඳහා මේ වෙන් කිරීම කළේ මන්ද යන්න අභිරහසක් බව  ඇමතිවරයාගේ කාර්යාලය කියා සිටී.

ජනවාරි 8 වෙනිදා පරාජය වූ බලවේග වල අඳුරු සෙවනැළි මඩ  ගැසීමේ නිරතව සිටින බවයි  නිවේදනයේ සඳහන් වන්නේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ මාධ්‍යවේදියක් කියා සිටියේ සමරවීර මහතාගේ පුද්ගලික ජීවිතය පදනම් කර ගනිමින් ඔහුට මඩ ගැසීමට ගන්නා උත්සාහයකට වැඩි යමක් මෙහි නැති බවයි.

හෝටලයේ බිල

 

hotel-bill-Mangalas-trip

 

Foreign Minister Mangala Samaraweera complaints of slander  

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.