ලංකාව ජන්ද 436 කින් GSP + යෝජනාව ජයගනී

gspශ්‍රී ලංකාවට GSP + තීරුබදු සහනය දීමට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කර තිබුණ යෝජනාව පරාජයට පත් විය. බ්‍රසල්ස් නගරයේ රැස් වූ යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණ එම යෝජනාවට පක්ෂව ලැබුණේ ඡන්ද 119 ක් පමණි. එම යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්ද 436 ක් ප්‍රකාශ වූ බව බ්‍රසල්ස් වාර්තා මගින් පැවසෙයි.

මෙය ශ්‍රි ලංකාවේ ආණ්ඩුව ලද විශාල ජයග්‍රහනයක් බව රාජ්‍ය තන්ත්‍රික ආරංචි මාර්ග කියා  සිටී. ශ්‍රී ලංකාවට GSP + තීරුබදු සහනය යළි ලබා ගැනීමට නම් ප්‍රජාතන්ත්‍රවාදය නංවාලීම, යහ පාලනය සහ නීතියේ ආධිපත්‍යය සහතික කරන මෙන් යුරෝපා හවුල නිර්දේශ කරනු ලැබ තිබුණ අතර එම කරුණු අතින් ශ්‍රී ලංකාව ප්‍රගතියක් ලබා ඇති බවට යුරෝපා පාර්ලිමේන්තුව සෑහීමකට පත්ව සිටින බව බ්‍රසල්ස් නගරයේ සිට අදහස් දක්වමින් විදේශ නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.