Hambanthota-සුදු අලි ගැන අළුතින් හිතමු

 

එරන් වික්‍රමරත්න
එරන් වික්‍රමරත්න

 

රුපියල් ප්‍රකෝටි ගණන් වැය කර ඉදි කළ ගුවන් තොටුපොළ, අන්තර් ජාතික ක්‍රීඩංගණය,වරාය ආදී සුදු අලි රැසක් හම්බන්තොට  ඇති බව එරන් වික්‍රමරත්න නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටී.

ණය පියවා ගැනීමට තරම් ආදායමක් නව යෝජනා ක්‍රම වලින් නොලැබෙන හෙයින් තවදුරටත්  නොලැබෙන බවයි වික්‍රමරත්න මහතා කියාසිටී.

2013 දී විවෘත කළ මත්තල ගුවන් තොටට වැය කළ මුදල රුපියල් කෝටි 2772කි. එදා සිටම මත්තලට පැමිණියේ ෆ්ලයි ඩුබායි ගුවන් සේවය පමණි.
ගුවන් මගීන්ගේ ශාලාව හැමදාම හිස්ය. එසේ වූ පමණින් මත්තල වසා දැමිය හැකිද?

_DSC0495

 

මත්තල පර්යන්තයේ වා සැකසුම් අංශය හා වතුර මල් හතර ක්‍රියාත්මක නොකිරීම ප්‍රශ්නයට විසඳුමද?

_DSC1041

මාගම්පුර වරාය චීන රජයේ රුපියල් කෝටි 4798.6 ක ණය ආධාර යටතේ ඉදි කැරිණි. එහි ගෙවීමට ඇති ණය විශාලය. අසල්වැසි ඉන්දියාවෙන් ආනයනය කෙරෙන මෝටර් රථ රැගත් නැව් එහි පැමිණීම සහනයක් ගෙන දුන්නද  මාගම්පුර ලාබ ලබන තත්වයකට ගෙන ඒම සඳහා  වසර 10 කට වැඩි කාලයක් ගතවිය හැක.මේ නිසා වරය වසා දැමිය යුතු බව කෙනෙකුට තර්ක කල හැකිද?

 

කොළඹ  හම්බන්තොටට මංතීරු හයක දැවැන්ත අධිවේගී මාර්ගයට ගිය වියදම රුපියල් කෝටි 6911 ට වැඩිය. එහෙත් එම පාරේ ගමන් කරනුයේ වාහන ස්වල්පයකි. තවත් රුපියල් කෝටි ගණනක් වැය කර මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගයද අගනුවර හා සම්බන්ධ කරන තවත් අධිවේගී මාර්ගයක්ද ඒ රජය සැලසුම්කර තිබුණි. මාගම්පුර වරාය ඉදිරිපිට තවත් රටට ඔරොත්තු නොදෙන ඉදිකිරීමක් බව තර්ක කෙරෙන  රුපියල් කෝටි 206 ක සමුළුහළකි. 2013 පොදු රාජ්යග මණ්ඩලීය නායක සමුළු උත්සවයේ අතුරු උත්සවයක් එහි පැවැත්වීමෙන් පසු දැන් ඉඳහිට මංගල සාදයක් පැවැත්වේ.එහෙත් දැන් ඒ ගැන ලත වීමෙන් පලක් වේද?

2011 ලෝක කුසලාන ක්රිාකට් ශූරතාවය වෙනුවෙන් ඉදිකළ සූරියවැව අන්තර්ජාතික ක්රීනඩාංගණයේ පැවැත්වූයේ අන්තර්ජාතික තරඟ දෙකක් පමණි. එම පළාතේද දැඩි ජල හිඟයක් පවතී. ආසන 35000 කින් යුත් මේ ක්‍රීඩංගණය මෙය තනිකරම නාස්තියකියි එරාන් වික්‍රමරත්න  මහතා කිය සිටී.

හිටපු ජනාධිපති වරයා  අදුරදර්ශී ආයෝජන කළ බව ජනතාවට  සැක හැර ඒත්තු ගිය හෙයින් ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාට දැන් ඇති යැයි කියුහ.

මේ සුදු අලි වැඩ පිළිවෙල පසුබිමේ දුෂණ ඇති බව කියාසිටි විට එහෙනම් හොරු අල්ලමු යැයි ජනතාව කියා සිටියහ.

එරන් වික්‍රමරත්න මහතා දැන් කියා සිටින්නේ පිළිණු වූ කථාවකි. දැන් දැනගැනීමට අවශ්‍ය මේ සුදු අලි ගැටළුව නිරාකරණය කර ගන්නා ආකාරයයි.මෙසන්ධා නිර්මාණාත්මක

විසඳුම් හොයාගන්න ආකාරයක් පැහැදිලි කිරීම අළුත් ආණ්ඩුවේ වගකීමයි.

 

එදා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුහම්බන්තොට සංවර්ධනය නිරීක්ෂණය කිරීමට ගිය විට ඔවුන් හඹා ආ මැරයින්

Hambanthota white elephents need to be rescued

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.