High Way:බිලියන 60 කොමිස් බේරේ

උතුරු අධිවේග මාර්ගය අඩුම ලංසුවට දෙයි. බිලියන 170 ක ඉතිරියක්

 

රුපියල් බිලියන 520 ක වියදමින් තැනීමට සැලසුම් කර තිබූ උතුරු අධිවේගී මාර්ගය මඟින් බරපතල මුල්‍ය අක්‍රමිකතාවයක් සිදු වී ඇති බවට එල්ල වූ චෝදනා හේතුවෙන් නවතා දැමුණු අතර පසුව නැවත ටෙන්ඩර් පරික්ෂා කිරීමෙන් එය රුපියල් බිලියන 348ක අඩුම ලංසුව ඉදිරිපත් කරනු ලැබූ ඉන්ජිනේරූ සමාගමට ලබා දීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇතැයි වාර්තාවේ.

ඒ අනුව අඩුම ලංසුව ඉදිරිපත් කර ඇත්තේ එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි නම් සමාගමටය.

මීට පෙර මේ මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් ලංසු තබා තිබු සමාගම් සමඟ සාකච්ඡා කිරීමේදී  පමණ මෙම ඇස්තමේන්තු මුදල් අඩු කළ හැකි බව පෙන්වා තිබිණි. ඒ අනුව හෙළිවූයේ මෙම ව්‍යාපෘතිය මඟින් බිලියන 60 ක පමණ කොමිස් මුදලක් පැවැති ආණ්ඩුවේ ප්‍රධානියකු අත පත්වීමට කටයුතු යේදී තිබුණු බවය.

කෙසේ නමුත් මෙම ව්‍යාපෘතිය සඳහා දෙශීය ඉන්ජිනේරු සමාගම් වන කේඩීඒ වීරසිංහ සහ සමාගම, මාගා ඉන්ජිනියරින් සමාගම( ඔවුන් මුල් ලන්සුවට වඩා බිලියන 65ක් මුදලක් අඩු කිරීමටද නව රජය හා එකඟ විය.) තුඩාවේ බ්‍රදර්ස්, ‍ෆිනිටි ලංකා යන සමගම් ඉදිරිපත්ව සිටියේය.

දේශීය කොන්ත්‍රාත්කරුවන්ගේ දායකත්වයෙන් ඉදිකෙරෙන ප්‍රථම අධිවේගී මාර්ගය මෙයවේ. එහෙත් මෙහි පළමු කොටස සඳහා තවමත් ටෙන්ඩර් කැඳවීමක් සිදු කොට නැති අතර දේශීය කොන්ත්‍රාත්කරුවන්ට ලබා දෙන්නේ අදියර 2 සිට 6 දක්වා කොටස් බවද වාර්තාවේ.1444map

 

 

 

 

 

 

 

 

 

 

 

 

northern highway given to lowest bidder

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.