Hirunika-මේ සතිය ඉවසමු

 

 

 

hirun

 

 

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුක්තිය සාධාරණය ඉ‍ටුකිරීම ලබන සතියේ දී ආරම්බවනු ඇතැයි ඔහුගේ දියණිය වන පළාත් සභා මන්ත්‍රිණී

හිරුණිකා පේමචන්ද්‍ර මෙනවිය පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පෙන්වා දෙන්නේ මේ වෙනුවෙන් පෙර රජයෙන් පිටතට ආ විට මරණ තර්ජන මැද වුවත්, තමන් ඇතුළු පිරිස කටයුතු කළ බවයි.

ඇය මෙසේද පැවසීය.

අපි ජයග්‍රහණය කරයිද නැද්දයන්න පවා අපි දැනගෙන හිටියේ නැහැ. නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජිත සේනාරත්න මහතා අපි ළඟ සිටියා. අප කෙරෙහි විශ්වාසය තබා අප සඳහා ඡන්දය දෙන්න කියලා මිනිස්සුන්ට කීවා.

“අද ප්‍රශ්නය වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව තවමත් ජනතාවට විනකරන අය තවමත් අත් අඩංගුවට ගෙන නොමැති වීමයි. එහෙත් ඇත්තටම, යහපාලනය හා නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමට කාලය දිය යුතුයි.

අපරාධ, විශේෂයෙන් මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ ආදියට එරෙහිව සටන් කිරීම සඳහා අපගේ පරිශ්‍රමය යෙදිය යුතුයි එමෙන්ම ඒ ක්‍රියාවලිය විනිවිද පෙනිය යුතුයි.සාමාන්‍ය පුද්ගලයින් මෙය තේරුම් ගැනීම කළ යුතු යි.”

Hirunika says justice will happen soon

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.