කුමාර්ට බය ඇයි?

88039178kumar-gunaratnam2

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිත කුමාර් ගුණරත්නම් මෙරට පුරවැසි භාවය ඉල්ලා ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප කළ බව ආගමන විගමන පාලක නිහාල් රණසිංහ මහතා කියයි.

නීතිපති උපදෙස් මත අදාළ අයදුම්පත අද (27) ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බව ද ආගමන පාලකවරයා කීය.

පෙරටුගමින් කියා සිටින්නේ කුමාර් ගුණරත්නම් ගේ ගැටළුව නීතිමය ගැටළුවක් නොව දේශපාලනමය ගැටළුවක් වන බවයි. තමන් මේ ප්‍රශ්නයට දේශපාලනිකව මුහන  දෙන අතර

නීතිමය හෝ පාර්ලිමේන්තු  ක්‍රියාදාම බැහැර නොකරන බව ඔවුන් කියාසිටිති.

ඇමති ජෝන් අමරතුංග පාර්ලිමේන්තුවේදී කියා සිටීයේ ‘කුමාර්ට  රටින් ගිගිල්ලා පුරවැසිකම ඉල්ලුම් කරන්න කියන්න එතකොට අපිත් සපෝට් එකක් දෙන්නම් ‘යනුවෙන්.

මේ සිදුවීමේ අරුමය වන්නේ කුමාර් ගුණරත්නම් හට තමන් උපන් බිමේ දේශපාලනය කිරීමට අයිතියක් නැති බව කිසිවෙක් කෙළින් නොකියන අතර ඔහුට රටින් බැහැර වීමට සිදුවී තිබීමයි.

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ දිවුරුම් දීම, ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු තනතුරේ පිහිටුවීම ආදී දේ සාධාරණීකරණය කෙරුනේ අවස්ථානෝචිතව ගත් ක්‍රියාමාර්ග ලෙසයි

මේ තර්කය කුමාර් ගුනරත්නම්ට වලංගු නොවන්නේ කෙසේද යන්න ප්‍රශ්නයකි.

ශ්‍රේෂ්ඨාධිකරණය

කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම හෝ රටින් පිටුවහල් කිරීම වළක්වන ලෙස ඉල්ලමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ද ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් විසා නීති උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බැවින් ඔහු මෙරටින් පිටුවහල් කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය..

පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී නුවන් බෝපගේ කියා සිටියේ තමන් ඉදිරිපත් කළ පුළුල් කරුණු විමසුම පසෙකලා අධිකරණය සීමිත අර්ථකතනයක පිහිටා මෙම තීන්දුව ලබා දුන් බවයි.

අදාළ පෙත්සම අද කඳවු අවස්ථාවේදී කරුණු දැක්වූ රජයේ නීතිවේදියා කියා සිටියේ ඒ.එම්.දයාලාල් ලෙස ව්‍යාජ නමකින් ශ්‍රී ලංකාවෙන් මීට පෙර පිටව ගිය කුමාර් ගුණරත්නම් ඔස්ට්‍රේලියාවේ දී නොයෙල් මුදලිගේ නමින් එරට පුරවැසිභාවය ලබා ගෙන ඇති බවයි.

වීසා ලබා ගැනීමේදී පුද්ගලික සංචාරයකට යැයි පවසමින් මෙරටට පැමිණි කුමාර් ගුණරත්නම් දේශපාලන කටයුතුවල නිරත වීම තුලින් විසා නීති උල්ලංඝනය කර ඇති බවයි රජයේ නීතිවේදියා චෝදනා කළේ.වීසා නීතී උල්ලංඝනය කල පමණින් පුරවැසිබව අහිමි කල හැකිද යන්න ප්‍රශ්නයකි.

ජනවාරි මස 31 වනදායින් පසුව ඔහු නීති විරෝධී ආකාරයට ශ්‍රී ලංකාවේ රැඳී සිටින නිසා ඔහු පිටුවහල් කිරීමට ආගමන සහ විගමන පාලකවරයාට බලය ලැබෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.

මාදුළුවාවේ සෝභිත හිමියන්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතාට ලංකාවේ රැඳී සිටීමට හා දේශපාලනය කිරීමට ඇති අයිතිය උදුරා නොගන්නා ලෙස ඉල්ලමින් සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමියන් සහ වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තිකයන් පිරිසකගේ අස්සනින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර ඇත. එම ලිපියට සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් ලෙස කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්,ජේ‍යෂ්ඨ කතිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, ජේ‍යෂ්ඨ කථිකාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික ඇතුළු පිරිසක් අත්සන් කළහ.

කුමාර් ගුණරත්නම් කවර මතයක් දැරුවද කුමන දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ වී සිටියද ඔහුගේ දේශපාලනය කිරීමේ ප්‍රජාතන්ත්‍රීය නිදහස අවහිර නොවිය යුතු බව එම ලිපියේ සඳහන් විය.
එසේම කුමාර් ගුණරත්නම් සහ ඔහු වැනි දේශපාලනය කිරීමේ අයිතිය අවහිර කරන ලද සියලු දෙනාගේ දේශපාලනය කිරීමේ අයිතිය තහවුරු කිරීම වත්මන් පාලකයන් ඔවුන්ගේ වගකීමක් ඉටුකිරීමක් බවද එම ලිපියේ සඳහන් කර ඇත.

 

 

kumar gunaratnam denied citizenship

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.