India:පාරු සේවයට පෙර කථා

සුෂ්මා-සම්පන්තන් හමුවූ මොහොත

ශ්‍රි ලංකාවේ වඩාත් කාර්ය බහුල ඇමතිවරයා වී සිටින්නේ මංගල සමරවීරයි . ජිනීවා සිට පැමිණි සමරවීර  ඇමතිවරයා ලන්ඩනයට පිටත්වීමට පෙර දිවයිනට පැමිණ සිටින  ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් හමුවිය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පෙර පැවති පාරු සේවය යළිත් ආරම්භ කිරීම පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු වී ඇත.මේ පාරු සේවය හැකි ඉක්මනින් ආරම්භ කිරීමට ඇමතිවරුන්

දෙදෙනාම එකඟ වූ බව විදේශ අමත්‍යංශ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

කොළඹ සහ ටියුටිකොරින් අතර 2011 දී පාරු සේවයක් ආරම්භ වූ නමුත් එය ලාභ දායක නොවූ හෙයින් එය නවතා දමීමට සිදු විය.රාමේශ්වරම් සහ තලෙයිම්නනාරාම අතර

ක්‍රියාත්මක වූ පාරු සේවය යුද්ධය ආරම්භ වීමත් සමගම නතර කරන ලදි.1960-70 දශකයේදී ලාභදායක ලෙසින් ලොව පුරා සංචාරය කළ  බටහිර සංචාරකයින් රාමේශ්වරම් හරහා ශ්‍රී ලංකාවට පැමිණියහ.

දිරාපත් වී ඇති තලෙම්නරම් ජෙටිය

විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදී ගේ ගමන පිළිබඳව පුර්ව සුදානම් කටයුතු සඳහාය.දෙමළ සහ මුස්ලිම් නායකයින් කීප දෙනෙක්ම ඉන්දීය විදේශ කටයුතු ඇමතිනිය හමු වී ඇති අතර අගමැති මොදී ශ්‍රී ලංකාවට  පැමිණෙන අවස්ථාවේදී  ජාතික ගැටළුව සම්බන්ධයෙන්

තීරණාත්මක පියවරකට දෙරටම එකඟ වීමට ඉඩ ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ  කියා සිටිති.

India and Sri lanka to start ferry service

තලෙයිමන්නා  පහන් ටැඹ

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.