India:මහින්දට වඩා කෝටි එක හමාරක් අඩුවෙන් මෛත්‍රී ඉන්දියාවට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඉන්දීය සංචාරයේදී එක්කෝටි හැට ලක්ෂයක මුදලක් ඉතිරි කර ඇතැයි ජනාධිපති ‍ලේකම් කාර්යාල සංඛ්‍යා‍ලේඛන අනාවරණය කරයි.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2013 වසරේදී ඉන්දියාවේ කළ සංචාරයට රුපියල් දෙකෝටි තිස් දෙලක්ෂ විසිදහස් පහළොවක මුදලක් වැය කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා කළ ඉන්දීය සංචාරයට වැය කර ඇත්තේ රුපියල් පනස් දෙලක්ෂ තිස් දෙදහස් හත්සිය නමයක මුදලකි.
මහින්ද රාජපක්ෂ වෙනමම ගුවන් යානයක් වෙන්කරගැනීමට රුපියල් එක්කෝටි දහඅට ලක්ෂයක මුදලක් වැයකර තිබේ. එහෙත් මෛත්‍රීපාල සිරිසේන ගුවන් ටිකට්පත් සඳහා වැයකර ඇත්තේ රුපියල් ලක්ෂ නමයක් පමණි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග ශිරන්ති රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ හා රෝහිත රාජපක්ෂ සමග හැත්තෑ දෙදෙනෙක් සහභාගි වී ඇත. එහෙත් මෛත්‍රීපාල සිරිසේන සමග සහභාගි වී ඇත්තේ ජයන්ති සිරිසේන ඇතුළුව විසිපස් දෙනකුගෙන් සමන්විත නියෝජිත කණ්ඩායමකි. එම නියෝජිත කණ්ඩායමට විදේශ කටයුතු ඇමැතිවරයා ඇතුළු ඇමැතිවරු සිව් දෙනෙක්ද ඇතුළත් විය.

new Presidents expenses is much lesser than the former

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!