India:මෝදී ගේ සිහිනය

ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු පළමු වරට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතූ සුවිශේෂි අවස්ථාව අද (13) සිදුවූ අතර මීට පෙර 1962 දී ජවහල් ලාල් නේරු මහතා සහ 1973දී ශ්‍රීමති ඉන්දිරා ගාන්ධි මහත්මිය මෙන් ම 1979 දී ශ්‍රී මොරාජි දේසායි යන අගමැතිවරුන් මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අමතා තිබුණේ රැස්වීමක් ලෙසට ය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා මෙසේ පැවසීය.

PM-Modi-to-Address-Sri-Lankan-Parliament“ඉන්දියාවට මම දකින සිහිනය අපගේ අසල්වැසින්ට ත් මා බලාපොරොත්තුවන සිහිනයක්. කලාපයේ අප සියලු දෙනාම අපගේ ජනතාවගේ ජිවිත වෙනස් කිරීමට එකම මාර්ගයක ගමන් කරනවා. අපගේ මාවත ලේසි වනවා ගමනාන්තය තව ත් ළං වෙනවා අපි එකට ගමන් කළොත්. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර භුමි සිමා නැතිවුණත් සියලුම අංශයන් අංශයන්ගෙන් අපි ඉතාමත් සමිපයි.

එය මහබෝධි සංගමයේ නිර්මාතෘ වන අනාගාරික ධර්මපාලතුමන් හා ස්වාමී විවේකානන්දතුමන් අතර පැවැති මිත්‍රත්වයෙන් විදහා දැක්වෙනවා. දකුණූ ආසියානු කලාපයේ සහයෝගිතාව වර්ධනය කිරීමේදී ශ්‍රී ලංකාව නායකත්වය දරණවා. එය ඉන්දියානු සගාර කලාපයේ අනාගතයට වඩා වැදගත් වෙනවා. ශ්‍රී ලංකාවේ වර්ධනය ‍හා සෞභාග්‍ය ඉන්දියවට ශක්තියක්. ශ්‍රී ලංකාවේ සාර්ථක්වය ඉන්දියාවට වැදගත් වනවා වගේම අපගේ සහයෝගය හා සහෝදරත්වය ඔබට ලබාදෙනවා. එය සදාකාලිකව සිදුවන්නක්. අප කලාපයේ සාර්ථක්වය රඳා පවතින්නේ, අප දේශයක් ලෙස අප හඳුන්වන ආකාරයෙන්. ඔබ ත්‍රස්තවාදය සාර්ථක ලෙස පරාජයට පත් කොට යුද්ධය අවසන් කර තිබෙනවා.

ඔබ දැන් සිටින්නේ, සමාජයේ සියලුම කොට්ඨාසවල හදවත් දිනා ගැනීමේ සහ තුවාල සුව කිරීමේ වැදගත් ඓතිහාසික මොහොතකයි. පැවැති මැතිවරණයෙන් මුළු දේශයේ ම හඬ විදහා දැක් වුණා. එය වෙනසක්.සංහිඳියාවක් සහ සහ‍යෝගීතාවයට නැගූ හඬයි. ඉදිරි ගමන පිළිබඳ තිරණය ලංකාව සතුයි. සියලු ම ජන කොටස් ඒකරාශි වී එහි වගකීම දැරිය යුතුයි. ශ්‍රී ලංකාවේ එකමුතු භාවය හා අවංක භාවය ඉන්දියාවට වැදගත්. අපි බලාපොරොත්තු වෙනවා සාර්ක් කලාපය සඳහා ඉන්දියාව අභ්‍යවකාශගත කරන චන්ද්‍රිකාව ශ්‍රී ලංකාව ප්‍රයෝජනයට ගනී කියලා. එය 2016 දෙසැම්බර් මස නිම කිරීමට නියමිතයි. අපගේ සබඳතාවයේ හදවත ජනතාවයි. ජනතාව සම්බන්ධ කළොත් දේශයන් අතර සබඳතා තව ත් ශක්තිමත් වෙනවා. අප දේශයන් අතර ආරක්ෂාව වෙන් කරන්න බෑ. ඒ වගේම තමයි අපගේ මුහුදු ආරක්ෂාව පිළිබඳ වගකීම ත් ඒ වගේමයි. ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඉතාමත් සමීප බැවින් අපට එකිනෙකාගෙන් වෙන් ව සිටිය නොහැකියි”

Modi wants india and Sri Lanka to move together

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.