India:හැමදාමත් ලොකු අයියාද?

 

Untitled-31

 

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අද දෙරට නායකයන් ඉදිරියේ ගිවිසුම් හතරක් අත්සන් තැබීය.

රාජ්‍ය තාන්ත්‍රික හා නිලධාරී ගමන් බිමන්වලදී වීසා නොමැතිව ගමන් කිරීමේ හැකියාව පිළිබඳ ගිවිසුම, රේගු කටයුතුවල දී දෙරට අතර සහයෝගය දැක්වීමේ ගිවිසුම, තරුණ කටයුතු සංවර්ධන ගිවිසුම හා රවීන්ද්‍රනාත් තාගෝර් පදනම රුහුණ සරසවියේ  පිහිටුවීම එම ගිවිසුම් හතරයි.

ජනාධිපති ලේකම් කාර්යාලයයේ පැවැති මේ උත්සවයට ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි හා ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු ද, මැති ඇමැතිවරු ද, ඉන්දියා නිලධරයෝ ද එක් වූහ.

cda06e7b2efc9178ca890c94aabbfddc_L

 

මෙම ගිවිසුම් වල තීරණාත්මක බලපෑමක් නොමතෝ අතර වඩාත් වැදගත් වන්නේ ශ්‍රී ලංකාව  සහ ඉන්දියාව අතර ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇතිවෙන එකඟතාවයි.ඒ සම්බන්ධයෙන් දෙරට දරන ස්ථාවරය වහාම ප්‍රකාශයට පත්වේද යන්න සැක  සහිතය.

 

[vsw id=”/LKxLgMhN5Dc” source=”youtube” width=”425″ height=”344″ autoplay=”no”]

 

ශ්‍රී ලංකාව සහ ඉන්දීය අතර වෙළෙඳ ශේෂයේ වාසිය ඇත්තේ ඉන්දියාවටයි. ත්‍රිකුණාමලයේ ඉන්ධන සැපයුම් මධස්ථානයේ ගිවිසුම අත්සන් කිරීම සමග ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ගනුදෙනු වැඩිවෙනු ඇත.වෙළඳ ශේශයේ වාසිය වැඩි කර ගත හැක්කේ ශ්‍රී ලංකාවට ඉන්දීය වෙළඳ පලට සේවා සහ සැපයුම් වැඩි කල හැකි නම් පමණි.මේ සඳහා මෝදී i ගේ ගමනින් පදනමක් වැටී ඇති නමුත් ඒ සඳහා ශ්‍රී ලංකාව සතු වැඩ පිළිවෙලක් ඇත්ද යන්න සක සහිතය.එසේ නොවුන හොත් ශ්‍රී ලංකාව ඉන්දියාවේ ලොකු අයියා භූමිකාවට තව තවත් නතු වෙනු ඇත.

මුල් කාලීන යෝජනාව වූයේ ඉන්දියාවේ කර්මාන්ත සඳහා අවශ්‍ය උපාංග නිෂ්පාදනය කිරීමට දේශීය සුළු කර්මාන්තකරුවන් දිරිමත් කළ යුතු බවයි.

එහෙත් ශ්‍රී ලංකාවේ ශ්‍රමය මිළ වැඩි වීමේ හේතුවෙන් මේ යෝජනාව අර්ථ විරහිත වී ඇත.එහෙඉන් නව මංපෙත් ගවේෂණය කල යුතුව ඇත.

මේ නව මං පෙත් ගවේෂනයේදී දැනුම මුල්කරගත් නවෝන්පාදන මාර්ග ඔස්සේ යමින් නව මාර්ග විවර කර ගත යුතුව ඇත.

 

will India open up new opportunist for Sri Lanka ?

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.