Indian Fisherman :මුහුදු සීමාව පැන්න විට වෙඩි තැබීම වැරදි නැහැ

 

 

ranilwwww

මෙරට මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින්ට වෙඩි තැබීමට සිදුවුවහොත් එය  මානව හිමිකම් උල්ලංඝණය කිරීමක්  නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව නීතියට අනුකූලව කටයුතු කරන බවත්, මේ හේතුවෙන් ඉන්දීය ධීවරයින් සීමා උල්ලංඝණය නොකළ යුතු බවත් ඔහු සඳහන් කරයි.

ඉන්දීය මාධ්‍යයක් විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කරන ලද ප්‍රශ්න කිරීමක් හමුවේ ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.

තවද කවුරුන් හෝ තමාගේ  නිවසට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සය කළහොත්  තමා හට  අදාළ පුද්ගලයාට  වෙඩි තැබීමට හැකියාවක් පවතින බවත්, නිතියෙන් ඒ සඳහා  ඉඩ ප්‍රස්ථාව ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ පැවති යුධමය වාතාවරණය තුළ යාපනයේ ධිවරයින්ට උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නොයෙදෙන ලෙස ශ්‍රී  ලංකා බලධාරින් උපදෙස් ලබා දී තිබුණි.

එහිදි ඉන්දීය ධිවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ ධීවර කටයුතු වල නිරත වූ බවද රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

කෙසේ වෙතත් ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් සෙවිය යුතු බව පවසන අග්‍රාමාත්‍යවරයා එය ශ්‍රී ලංකා ධීවරයින්ගේ දිවි පෙවෙතට හානි නොවන අයුරින් සිදුකළ යුතු බවද පෙන්වා දෙයි.

තවද ඉන්දීය ධිවරයින්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ ධීවර කටයුතු  කිරිමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව  අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

එසේම කච්චතිව් දූපත මෙරටට අයත් දූපතක් බවත්, නවදිල්ලිය ඒ පිළිබදව සහතික වී ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

කච්චතිව් දූපත පිළිබඳව සාකච්ඡා කිරිමේදී තමිල්නාඩු පක්ෂ වලට  ඒ පිළිබඳව ගැටලු මතුවන බවද අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී  වැඩිදුරටත් සඳහන් කර ඇත.

Shooting Indian fisherman who cross the boarder is not a violation of human rights

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!