Investigation:ගාමිණී සෙනරත් විමර්ශනය-රැල්ලක ආරම්භයද?

 

 

z_p01-Namibia

 

පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගේ කල් බදු සමාගමකට මහජන බැංකුවෙන් දුන්  රුපියල් දස කෝටියක ලීසිං පහසුකම් ගෙවා නොතිබිය දී එම සමාගම ලීසිං ක්‍රමයට ගත් වාහන මහජන බැංකුවට අත්පත් කර නොගැනීමට ක්‍රියා නොකළේ ඇයි දැයි මූල්‍ය වංචා විමර්ශන පොලිස් කොට්ඨාසය හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීගෙන් ප්‍රශ්න කළේය.

ඔහු ඒ කාලයේ මහජන බැංකුවේ සභාපතිවරයා විය.මෙම ප්‍රශ්න කිරීමට පැය පහක් පමණ ගත විය. දැනට ආරම්භ වී ඇති දුෂණ විරෝධී මෙහෙයුම් තුළ රාජපක්ෂවරුන් ගේ ක්‍රියා කලාපය විමසීමට ගත තීරණාත්මක පියවරක් ලෙස දුෂණ විරෝධි සංවිධාන කියා සිටිති

 

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ මහජන බැංකුවේ සභාපති ජනාධිපතිවරයාගේ දිගුකාලීන විශ්වාසවන්තයෙකු වන ගාමිණී සෙනරත් මහතා තමන්ගේම ගනුදෙනු වෙනමම

පවත්වා ගෙනයන අතර රාජපක්ෂවරු වෙනුවෙන් කටයුතු කල බවට  චෝදනා එල්ල වී තිබේ.

 

 

 

ගාමිණී සෙනරත් මහතාගේ මලයා වන ලෝලිත අබේසිංහ නැමැත්තාට මරදානේ දුම්රිය අංගනයෙන් අක්කර 29 ක ප්‍රමාණයක් අනූනව අවුරුදු බද්දකට ලබා දුන් බව වාර්තා විය.

 

පියදාස බාලගේ  නැමැත්තා හ එක්ව සමාගම් ගණනාවක් හරහා දුෂිත ගනුදෙනු සිදු කල බව දුෂණ විරෝධි පිරිස් කියා සිටිති.

පියදාස බාගේ  නැමැත්තා ගාමිණී සෙනරත් මහතා සභාපතීත්වය දරණ රාජ්‍ය ආයතන රැසක ඉහළ නිලතල දැරු අයෙකි. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ මහජන බැංකුවේ විධායක අධ්‍යක්ෂක ධූර හෙබවූ  මොහු ලිට්රෝ ගෑස් සමාගමේ කලමණාකාර අධ්‍යක්ෂකවරයා බවත් වාර්තා විය.

 

මේ අතරවාරේ  ගාමීණී සෙනරත් මහතා විසින් සිදුකරන ලදැයි පැවසෙන මූල්‍ය වංචා පිළිබඳ ජාතික හෙළ උරුමයේ නියෝජිතයෝ  කොළඹ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණිලි කොට ඇත.

මේ අවස්ථාවට සහභාගි වූ ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ප්‍රකාශ කළේ පසුගිය කාලයේ ගාමිණී සෙනරත් මහතා අති විශාල දේපළක් රැස්ක‍රගෙන ඇති බවයි. ඒවා පිළිබඳ තොරතුරු ලිපිගොනු හෙළ උරුමයට ලැබී ඇති බව ද හෙතෙම පැවැසීය. ගාමිණී සෙනරත් මහතා විසින් කළු සල්ලි නිවසට රැගෙන ඒම පිළිබඳ සහ ඒ මහතාගේ ඉඩම් හා දේපළ පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරන ලද බව ද වර්ණසිංහ මහතා කීය.

 

සෙනරත් මහතා සිය නිවසට කළු සල්ලි රැගෙන ඒමේ අවස්ථා 30 ක් පිළිබඳ තොරතුරු හා ඉඩම් හා දේපළ රැසක් පිළිබඳ තොරතුරු වර්ණසිංහ මහතා මෙහිදී අනාවරණය කොට ඇත.

මේ පැමණිලි කිරීමෙන් අනතුරුව කරන ලද හෙලිදරව්වකි

ඊයේ(12) දිනයේ සියලු කරුණු සාක්ෂි සහිත ජාතික හෙළ උරුමය විමර්ශන කටයුතු සඳහා භාරදෙන ලද අතර එසේ භාරදෙන ලද සාක්ෂි සහ තොරතුරු අප සියලු ශ්‍රී ලාංකිකයින්ගේ දැනගැනීමට මෙසේ ඉදිරිපත් කරමු.

2013.09.25 පෙ.ව. 11.00ට ගාමිණී සෙනරත් ඥාතී සහෝදරයෙක් වන සුනිල් සේදර සෙනරත්, ගෙගරි පාරේ නිවසේ සිට රියදුරු පෙරේරා පදවන ලද WPMI 4680 ජීප් රථයෙන් A4 කාඩ් බෝඩ් පෙට්ටි 03ක් පුරවා මුදල් රැගෙන ගියා. තවද 2013/10/03 දින එම රථයෙන්ම ට්විලික් කවරයක මුදල් පුරවා රැගෙන ගියා.

2013.11.09 දින රාත්‍රී 09.05ට පමණ රවී විජේරත්න නැමැති කැෂිනෝ හල් හිමියාගේ ගෙගරි පාරේ පිහිටි නිවසේ සිට චීන ජාතිකයින් හමුවූ ඔවුන් පැමිණි KL 1824 දරණ රථයේ තිබූ මුදල් පුරවන ලද A4 කඩ් බෝඩ් පෙට්ටි 05ක් ගාමිණී සෙනරත්ගේ අංක දැනට ලේකම් කාර්යාලයට භාර දී ඇති KH 3937 දරණ රථයෙන් රියදුරු උපාලි හා ආරක්ෂක අංශයේ සෙනවිරත්න යන අය විසින් ගාමිණී සෙනරත් සමග ගෙගරි පාරේ නිවසට රැගෙන ආවා.

2013.11.20 උදේ 9.00ට KM 1424 දරණ බෙන්ස් රථයෙන් ප්‍රභාත් නානායක්කාර නැමැති පුද්ගලයා පෝර බෑග් දෙකක් පුරවා මුදල් ගේගරි පාරේ නිවසට රැගෙන ආවා.

එම බෑග් දෙක 2013.11.20 දින උදේ 10.00 පමණ කුඩා බාලගේ විසින් රැගෙන ගියා.

2014.02.19 දින අරලිය ගහ මන්දිරයේ සිට 301-9651 දරණ රථයෙන් ගාමිණී සෙනරත්ගේ මුදල් භාර බණ්ඩාර විසින් ලොකු රෙදි බෑගයක් පුරවා මුදල් ගාමිණී සෙනරත්ගේ ගෙගරි පාරේ නිවසට රැගෙන ගියා.

2014.02.20 අතුරුගිරියේ ගාමිණී සෙනරත්ට හිමි පෝමේට් කර්මාන්තශාලාවේ සේවය කරන ප්‍රසාද් යන අය විසින් විනිවිද පෙනෙන සුදු පාට ටියුරික් කවරයක ගාමිණී සෙනරත්ගේ නිවසේ සිට මුදල් එම කර්මාන්තශාලාවට රැගෙන ගියා.

2014.02.26 ගාමිණී සෙනරත්ගේ කාර්යාලයේ මුදල් භාර බණ්ඩාර විසින් 301-9651 රථයෙන් කළුපාට හම් බෑගයක පුරවා මුදල් ගාමිණී සෙනරත්ගේ ගෙගරි පාරේ නිවසට රැගෙන ආවා.

2014.02.28 උදේ 10.00ට පමණ ඉහත පෝමේට් කර්මාන්ත ශාලාවේ වැඩ කරන ප්‍රසාද් විසින් මුදල් පිරවූ ලොකු කළු පාට බෑග් දෙකක් ගාමිණී සෙනරත්ගේ ගෙගරි පාරේ නිවසේ සිට ඉතත ෆැක්ටරියට ගෙන ගියා.

2014.03.03 රාත්‍රී 8.00ට පමණ රවී විජේරත්නගේ ගෙගරි පාරේ නිවසට ගොස් චීන ජාතිකයින් හමුවී ඔවුන් රැගෙන එන ලද පෙට්ටියේ මිලියන වලින් සටහන් කරන ලද මුදල් බහාලූ පෙට්ටි 6ක් රියදුරු උපාලි හා ආරක්ෂක අංශයේ සෙනවිරත්න යන අය විසින් ගාමිණී සෙනරත්ගේ ගෙගරි පාරේ නිවසට රැගෙන ආවා.

2014.03.14 ඉහත සඳහන් කාර්යාලයේ සේවක බණ්ඩාර විසින් මුදල් පුරවන ලද කළු පැහැති ට්‍රැවලින් බෑග් දෙකක් ගාමිණී සෙනරත්ගේ ගෙගරි පාරේ නිවසට රැගෙන ගියා.

2014.04.11 හවස 03.45ට ගාමිණී සෙනරත්ගේ කාර්යාලයේ මුදල් භාර බණ්ඩාර විසින් ගාමිණී සෙනරත්ගේ නිවසට මුදල් පුරවන ලද කළු පොඩි බෑග් දෙකක් සහ ලොකු බෑග් දෙකක් රැගෙන ආවා.

2014.04.28 උදේ 10.00ට සනිල් සේදර සෙනරත් විසින් KU 5270 දරණ ජීප් රථයෙන් මුදල් පුරවන ලද ලොකු ට්‍රැවලින් බෑග් 01ක් සහ පොඩි ට්‍රැවලින් බෑග් 01ක් ගාමිණී සෙනරත්ගේ නිවසින් රැගෙන ගියා.

2014.06.09 නීතීඥ අනුර චන්ද්‍රසිරි විසින් ගාමිණී සෙනරත්ගේ නිවසේ සිට රාත්‍රී 09.00ට පමණ මුදල් පුරවන ලද ටියුරික් බෑග් 01ක් රැගෙන ගියා.

2014.08.30 දින රවී විජේරත්නගේ ගෙගරි පාරේ නිවසේදී චීන ජාතිකයින් හමු වී මුදල් පුරවන ලද මිලියන 30, මිලියන60, මිලියන15, මිලියන15, පිටතින් සඳහන් කළ කාඩ් බෝඩ් පෙට්ටි 4ක් ගාමිණී සහ රියදුරු උපාලි හා ආරක්ෂක අංශයේ සෙනවිරත්න යන අය විසින් ගාමිණී සෙනරත්ගේ ගෙගරි පාරේ නිවසට රැගෙන ආවා.

2014.10.21 රාත්‍රී 11.30ට පමණ රවී විජේරත්නගේ නිවසේදී චීන ජාතිකයින් හමු වී මුදල් පුරවන ලද A4 බන්ඩල් අසුරන පෙට්ටි 4ක් රියදුරු උපාලි හා ආරක්ෂක අංශයේ සෙනවිරත්න යන අය විසින් ගාමිණී සෙනරත්ගේ ගෙගරි පාරේ නිවසට රැගෙන ආවා.

2014.11.01 රාත්‍රී 11.00ට රවී විජේරත්නගේ නිවසේදී චීන ජාතිකයින් හමු වී මිලියන 60, මිලියන44, මිලියන13, මිලියන12 සටහන් කරන ලද මුදල් පිරවූ පෙට්ටි 4ක් රියදුරු අත්තනායක හා ආරක්ෂක තෙන්නකෝන් විසින් ගාමිණී සෙනරත්ගේ ගෙගරි පාරේ නිවසට රැගෙන ආවා.

2014.11.19 රාත්‍රී 12.300ට පමණ රවී විජේරත්නගේ නිවසේදී WP.KL 1824 කළු පාට ජීප් රථයෙන් පැමිණී චීන ජාතිකයින් හමු වී මිලියන 43 බැගින් සඳහන් කළ කාඩ් බෝඩ් පෙට්ටි 04ක් මිලියන 11 පෙට්ටි 01ක් මිලියන 20 පෙට්ටි 01ක් රියදුරු උපාලි හා ආරක්ෂක බණ්ඩාර විසින් ගාමිණී සෙනරත්ගේ ගෙගරි පාරේ නිවසට රැගෙන ආවා.

2014.11.20 රාත්‍රී 11.30ට 301-9156 කාර් රථයෙන් පැමිණි ගාමිණී සෙනරත්ගේ කාර්යාලයේ මුදල් භාර බණ්ඩාර විසින් අරලිය ගහ මණ්දිරයේ සිට මුදල් පිර වූ ලොකු ට්‍රැවලින් බෑග් 02ක් ගාමිණී සෙනරත්ගේ ගෙගරි පාරේ නිවසට රැගෙන ආවා.

2014.11.28 රාත්‍රී 09.30 W.P.K.M 0522 දරණ රථයෙන් චීන ජාතික කාන්තාවන් දෙදෙනෙක් පැමිණ රවී විජේරත්නගේ නිවසේදී කිලෝ 50ක් පමණ බර මුදල් පුරවන ලද කාඩ්බෝඩ් පෙට්ටියක් ගාමිණී සෙනරත්ගේ නිවසට රැගෙන ගියා.

2014.11.25 දින ඉහත සඳහන් කාර්යාලයේ බණ්ඩාර විසින් මුදල් පිරවූ ට්‍රැවලින් බෑග් 04ක් ගාමිණී සෙනරත්ගේ ගෙගරි පාරේ නිවසට රැගෙන ආවා.

2014.11.26 දින රවී විජේරත්නගේ නිවසේදි චීන ජාතිකයින් හමු වී මුදල් පුරවන ලද පෙට්ටි 04ක් ගාමිණී සෙනරත් විසින් ඔහුගේ නිවසට රැගෙන ගියා.

2014.12.02 උදේ 11.30ට පමණ සනිල් සේදර සෙනරත් විසින් ඔහුගේ රථයෙන් ගාමිණී සෙනරත්ගේ නිවසේ සිට කාඩ්බෝඩ් පෙට්ටි 01ක් සහ ට්‍රැවලින් බෑග් 02ක මුදල් පුරවා රැගෙන ගියා.

2014.12.03 උදේ 10.30ට පමණ වෝඩ් පෙදෙසේ පදිංචි මූර්තී විසින් ගාමිණී සෙනරත්ගේ නිවසේ සිට WPKN 9999 රථයෙන් කාඩ්බෝඩ් පෙට්ටියක් පුරවා මුදල් රැගෙන ගියා.

2014.12.05 WPKY 1243 රථයෙන් නීතිඥ අනුර චන්ද්‍රසිරි විසින් මුදල් පිර වූ බෑගයක් රැගෙන ගියා.

2014.12.18 දහවල් 01.45ට සනිල්සේදර සෙනරත් විසින් ගාමිණී සේනරත්ගේ නිවසේ සිට KU 4766 දරණ රථයෙන් මිලියන 13, මිලියන 16 පෙට්ටි 02ක් වශයෙන් මිලියන 24 ලෙස සඳහන් මුදල් පිර වූ පෙට්ටි 04ක් ගාමිණී සෙනරත්ගේ නිවසින් රැගෙන ගියා.

2014/12/19 රාත්‍රී 8 ට පමණ ගාමිණි සෙනරත් ගේ වාහන අංක K.p 5610 රථයෙන් අරලිය ගහ මන්දිරයේ සිට ට්‍රැවලින් බෑග් දෙකක මුදල් රැගෙන ගාමිණි සෙනරත් ඔහුගේ නිවසට පැමිණියා.

2014/12/19 රාත්‍රී 10 ට රවී විජේරත්න ගේ ග්‍රෙගරි පාරේ නිවසේදී චීන ජාතිකයින් හමුවී ඔවුන් පැමිණි W.P.K.L. 1824 රථයේ තිබූ මිලියන 200 ලෙස සටහන් කල පෙට්ටි 07 ක් ගාමිණි සෙනරත් විසින් ඔහුගේ නිවසට රැගෙන ගියා.

2014/12/19 රාත්‍රී 10.30 නන්දන ලොකු විතාන විසින් මිලියන 30ක් හා 20ක් පුරවන ලද පෙට්ටි 02 ක් සහ ට්‍රැවලින් බෑග් 1ක් පුරවා මුදල් රැගෙන ගියා.

හිටපු මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත්ගේ ඉඩම් හා දේපල පිළිබඳ විස්තර

      ගාමිණි සෙනරත්ගේ නැන්දම්මා වන මල්කාන්ති ගුණරත්න නමින් ගාමිණි සෙනරත් විසින් ඉදිකරන ලද නො. 47/2 ගෙගරි පාරේ පිහිටි කෝටි 100 ක් පමණ වටිනා තෙමහල් නිවස සහ ඊට යාබදව කෝටි 30ක් පමණ වටිනා නිවස

මරදාන පොලිසිය අසල ඉදිකර ඇති කෝටි 70ක් පමණ වටිනා තෙමහල් ගොඩනැගිල්ල

අතුරුගිරියේ අක්කර 05 පමණ පිහිටි කෝටි 200 ක් පමණ වටිනා යන්ත්‍ර උපකරණ සහිත කෝටි 500 පමණ වටිනා පෝමේට් කර්මාන්ත ශාලාවක් අවුරුදු 03 ක කෙටි කාලයකින් ඉදිකර ඇත.

මාලඹේ අරන්ගල පිහිටි අක්කර 05 පමණ භූමියක පිහිටි කෝටි100 ක පමණ යන්ත්‍ර උපකරණ වලින් සමන්විත අවුරුද්දක වැනි කෙටි කාලයකින් වැඩ නිම කල පෝමේට් කර්මාන්ත ශාලාව

පන්නිපිටිය පාර බත්තරමුල්ලේ කෝටි 05 ක් පමණ වටිනා ගොඩනැගිල්ල සහ ඉඩම

පාදුක්ක මීගොඩ කෝටි 20 ක් පමණ වටිනා අක්කර 10 ක පමණ ඉඩම

බොල්ගොඩ ප්‍රදේශයේ ද ඉඩමක් ඇත

කෝටි 100 ක් පමන වටින හක්මන ඇති විශාල ඉඩම

හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයේ ඇති කෝටි 20ක් පමණ වටිනා අක්කර 50ක පමණ ඉඩම

අනුරාධපුර අක්කර 15 ක පමණ ඉඩම

බොරැල්ල මාතා පාරේ ලක්ෂ 70 ක් පමණ වටිනා නිවස

නුවර එළියේ කෝටි 60ක් පමණ වටිනා ග්‍රෙගරි වැව පාරේ පිහිටි සුපිරි නිවස සහ ඉඩම

සැලකිය යුතුයි…>>>

ඉඩම් පිළිබඳ සියළුම විස්තර අනුර චන්ද්‍රසිරිගෙන් ලබාගත හැක. මුදල් සඟවා ඇති ස්ථාන පිළිබඳ විස්තර සනිල් සේදර සෙනරත්, රවී විජේරත්න, මූර්ති සහ රියදුරන්, ආරක්ෂක නිලධාරින් යන අයවළුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපර්තුමේන්තුව මගින් ප්‍රශ්න කිරීමෙන් ලබා ගත හැක.

ඉහත අතුරුගිරිය පෝමේට් කර්මාන්ත ශාලාව පාඩු පිට කරගෙන යන අතර එහි සේවක වැටුප් ගෙවීමට කළු සල්ලි යොදවන අතර ඒ බව වසන් කිරීමට DFCC බැංකුවෙන් වරින්වර ණය මුදල් මල්කාන්ති යන අයගේ නමින් ලබා ගනි.

 

Investigations on former presidents chief of staff Gamini Senatath begins.

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!