Invitation:විමල්,වසු කට්ටියම මෙහාට එන්න-එජනිස

downloadup

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සභාපති ධුරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තෝරා පත්කරගෙන තිබේ.

ඉදිරි මහ මැතිවරණයේදී බුලත් කොළය යටතේ තරග කිරීමට ද ඒ සඳහා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පූර්ණ සාමාජිකත්වය ලබා ගන්නා ලෙස ද මහාචාර්ය තිස්‌ස විතාරණ, ඩියු ගුණසේකර සහ විමල් වීරවංශ යන මහත්වරුන් නායකත්වය දරන පක්‍ෂවලට ආරාධනා කිරීමට ද එජනිස පක්‍ෂ නායකයන් තීරණය කර ඇත.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පෙරේදා (14 දා) රැස්‌වූ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පක්‍ෂ නායක රැස්‌වීමේදී සහ විධායක සභාවේදී ඉහත තීරණය ගෙන තිබේ.

මෙහිදී මේ වනවිට පුරප්පාඩුවී තිබූ එජනිස සභාපති ධුරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද, උප සභාපති ධුරයට ඩග්ලස්‌ දේවානන්ද මහතා සහ ජාතික සංවිධායක ධුරයට ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතාද, උප ලේකම් ධුරයට මහින්ද අමරවීර මහතා ද තෝරා පත්කරගෙන තිබේ.

 

මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ ඩියු ගුණසේකර යන මහත්වරු ද මෙම රැස්‌වීමට පැමිණි බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ප්‍රකාශකයෙක්‌ ‘දිවයින’ට කීවේය.

 

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සහ මැතිවරණ ක්‍රමය යන දෙකම එකවර වෙනස්‌ විය යුතු බවද මෙම රැස්‌වීමේදී පක්‍ෂ නායකයෝ තීරණය කර ඇත. එමෙන්ම ඉදිරි මහ මැතිවරණයේදී ද බුලත් කොළය යටතේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය තරග කිරීමට තීරණය කර තිබේ. මේ වන විට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පූර්ණ සාමාජිකත්වය ලබාගෙන නැති සමසමාජ පක්‍ෂය, කොමියුනිස්‌ට්‌ පක්‍ෂය සහ ජාතික නිදහස්‌ පෙරමුණ ඇතුළු පක්‍ෂ කිහිපයකට ද පූර්ණකාලීන සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ආරාධනා කිරීමටද මෙම රැස්‌වීමේදී තීරණය කළ බව ඉහත ප්‍රකාශකයා පැවසුවේය-දිවයින

 

invitation for wimal and clan to join UPFA

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.