JHU:හෙළ උරුමයත් පාරට

DSC0497m

 

 

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ විධායක අගමැතිවරයකු පත් කිරීමට විරෝධය පළ කිරීමටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ වංචා හා දූෂණ වලට වරදකරුවන් වූ පුද්ගලයන්ට දඩුවම් දෙන ලෙස හා අල්ලස් හෝ දූෂණ කොමිසමේ සභාපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙසත් බලකරමින් ජාතික හෙළ උරුමය අද (19) කොළඹ නව නගර ශාලාව ඉදිරිපිට දී විරෝධතාවක් කළේය.

ආණ්ඩුවත් සමග සිටින හෙළ උරුමය මහ පාරේ උද්ගෝෂණ පවත්වන්නේ නැතිව තමන් පත් කල ජනාධිපතිවරයා සමග මේ ගැටළු නිරාකරණය කරගන්නේ නැත්තේ මන්ද යනුවෙන් ඇතැම් පිරිස් ප්‍රශ්න කරති.

ජාතික හෙළ උරමය ඊයේ පුවත් හමුවක් පවත්වා කියා සිටියේ තමන් යෝජනා කල පරිදි  ව්‍යවස්ථා සංශෝධන  වෙනස් කරගත් බවයි. එසේ තිබියදී මෙසේ මහ පාරට බැස උද්ගෝෂණ පැවැත්වීම ප්‍රශ්න කටයුතු බව දේශපාලන නිරීක්ෂකයින් පෙන්වා දෙති.

JHU takes to the street

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.