Justice: භාරත ඝාතනය සුවිශේෂී අධිකරණ කටයුත්තක්

 

 

downloadbbbjjjj

 

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු ඝාතනය කිරීමට අදාළ නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ මහවිනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නැයි නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර ති‍බේ.

ඒ අනුව සුවිශේෂී අධිකරණ කටක්යුත්ත ලෙස සලකා එකී ඝාතන චෝදනා නඩුව සඳහා මහාධිකරණ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙස නීතිපති සුවන්ජන් විජේතිලක මහතා එමගින් අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතාගෙන් ඉල්ලා තිබේ.

නීතිපතිවරයා විසින් අදාළ ඉල්ලීම අගවිනිසුරුවරයා වෙත ලිඛිතව සිදුකර ඇති බව වාර්තා වේ.

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.

අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මිනීමැරුම් නඩුවක් විභාගයට ගැනීමේදි ජූරි සභාවක් ඉල්ලා සිටීමේ අවස්ථාව විත්තිකරුවන්ට මඟහැරී යන බව සඳහන් වේ.

 

downloadbbbbb

 

මෙම නඩුව සුවිශේෂ නඩු කටයුත්තක් සේ සලකා  විභාග කිරීම තුලින් පවුලේ අයට යම් සාධාරණයක් ඉටු වෙතත් එය ප්‍රමාණවත් නොවේ.පසු ගියකලය තුළදී මෙම නඩුව යටපත් වුනේ කෙසේදැයි සොයා බැලිය යුතුය. එසේ කිරීම තුලින් අධිකරණ ක්‍රියාදාමය පිළිබඳව බිඳ වැටී ඇති විශ්වාශය යලිත් ගොඩ නැංවිය හැකිය.

මෙය කල යුත්තේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂයි.එහෙත් ඉතා කාර්ය බහුල වී ඇති ඔහුට මෙවැනි දේ කිරීමට වේලාවක් ඇත්දැයි සැක  සහිතයි.මන්දයත් රිමාන්ඩ් ගත වන ඔහුගේ මිතුරන් බැලීමට ඔහුට සිදුවී ඇත. ඉදිරියේදී රිමාන්ඩ් ගත වන මිතුරන් ගේ ගණන වැඩි විය හැකි හෙයින් ඔහු තවත් කාර්ය බහුල  විය හැකිය.

 

Will Bharatha’s family get justice?

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.