JVP: ජාතික ආණ්ඩුව විකාර සහගත ප්‍රෝඩාවක්

 

 

ANURA-10

 

ජාතික ආණ්‌ඩුව යනු හොරුන්, දූෂිතයන් ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් අටවා ගත් ප්‍රෝඩාවක්‌ බවත් එය ජනමතයට මුළුමනින්ම පිටුපෑමක්‌ බවත් ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23 වැනිදා) පැවසීය.

 

රටේ ජනතාව වත්මන් ආණ්‌ඩුවට ඡන්දය ලබා දුන්නේ පැවැති රජයේ දුෂ්ට ක්‍රියාමාර්ගවලට නැවත ඔටුනු පැළඳවීමට නොවන බව කියා සිටි අනුර කුමාර දිසානායක මහතා හොරුන්, දූෂිතයන්, වංචනිකයන් ආරක්‍ෂා කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක්‌ නොමැති බවත් පැවසීය.

ජනතාව කිසිසේත් බලාපොරොත්තු නොවූ මෙම තත්ත්වය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වහාම රටට පැහැදිලිs කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.

ජාතික ආණ්‌ඩුවක්‌ අවශ්‍ය නම් මහ මැතිවරණයකට ගොස්‌ ජනතාවගේ කැමැත්ත අනුව එය සිදුකළ යුතු බවත්, මෙය මුළුමනින්ම “විකාරයක්‌” බවත් අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

ලබන අප්‍රේල් 25 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැර අලුත් ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගැනීමට ජනතාවට අවස්‌ථාව සලසා දිය යුතු බවත් එසේ නොමැති නම් ජාතික ආණ්‌ඩුවට එරෙහිව ජනතාව පෙළගැසිය යුතු බවත් හෙතෙම පැවසීය.

 

අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23 වැනිදා) එම අදහස්‌ පළකළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය

 

 

 

ජනතා විමුක්ති පෙරමුණ ජාතික විධායක සභාවෙන් ඉවත් වෙයි ද?

 

 

[vsw id=”/9QeRmKueZRA” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!