Kandy:රැස්වීමට ගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට වැඩ වරදී

 

මහනුවර ප්‍රදේශයේ පැවති රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර අති බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලෙක්ම්වරයා වෙත මෙම උපදෙස් ලබා දී ඇති බව  අමාත්‍යවරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්ෂකයා බවට පත්කළ යුතු බවට යෝජනා කරමින් දේශපාලන පක්ෂ කිහිපයක් විසින් මෙම රැළිය පවත්වනු ලැබුණි.

පක්ෂයේ මධ්‍යම කාරක සභා තීරණය උල්ලංඝණය කරමින් මන්ත්‍රීවරුන් පිරිසක් ඊට සහභාගී වී සිටි බව ඇමති රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

මේ තත්වය හමුවේ විමල් වීරවංශ ඇතුළු පිරිස පසුබෑමකට ලක් විය හැකි බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

SLFP parliamentarians who participated in kandy meeting will have to face disciplinary  action

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.