Katunayaka: සජින් වාස්ට අර්ජුන ගෙන් පහසු බේරිල්ලක්?

 

 

arjunara

 

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දිගු කලක් නවතා ඇති භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ඒ සඳහා ගෙවිය යුතු මුදල් ගෙවා නැතැයි, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි.

එම සමාගමේ උප සභාපතිවරයා පවසන්නේ මෙම යානය හා පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් ද වාස් ගුණවර්ධන මහතා අතර සබඳතාවක් ඇතිදැයි තවමත් තහවුරු නොමැති බව ය.

සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාට අයත් බව කියන ගුවන් සමාගමේ නිල වෙබ් අඩවියට අනුව ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් පවත්වාගෙන ගොස් තිබුණේ, බෝයිං 727 වර්ගයේ යානයක් යොදා ගනිමිනි.

එම යානය මේ වන විට වසරකට ආසන්න කාලයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නවතා දමා තිබේ.

වරාය, නාවුක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රත්මලාන ගුවන්තොටුපොළේ පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් විමසීමක් කෙරිණ.

මාධ්‍ය හමුවේදී අනාවරණ කළ පරිදි මෙම යානය එරෝ ලංකා සමාගමට අයත් බව ප්‍රකාශ වුව ද අන්තර් ජාලය පිරික්සීමේදී මෙම සමාගම හා සජින් ද වාස් ගුණවර්ධන මහතාට අයත් බව කියන ගුවන් සමාගම අතර සබඳතා ඇති බව අනාවරණය වේ.

මීට අමතරව මන්ත්‍රීවරයාට අයත් බව කියන ගුවන් සමාගමේ වෙබ් අඩිවියේ දැක්වෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග ඒකාබද්ධව බෝයිං යානයෙන් සාර්ක් කලාපිය රටවල ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සිදුකරන බව ය.

මේ අතර ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙරට ආරම්භ කළ එරෝ ලංකා සමාගමේ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනෙකු 2006 වසරේදී අතුරුදහන්ව තිබේ.

අප කළ විමර්ශනයේදී සොයාගත් පුවත්පත් වාර්තාවකට අනුව එම සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂ ලෝගේන්ද්‍රරාජා කෝමදී මහත්මිය 2006 වසරේ අගෝස්තු 22 වනදා රාත්‍රී 10 ට පමණ පැහැරගෙන ගොස් තිබේ.

එමෙන් ම ආයතනයේ සේවය කළ ලාල් ප්‍රේමරත්න මහතා ද අතුරුදහන්වී තිබුණේ ඔහුගේ බිරිඳ ද සමගිනි.

මේ අතර එරෝ ලංකා සමාගම එස්.එස්. නාදන් නමැති ෆ්ලොරිඩාහි ව්‍යාපාර කටයුතුවල නිරත අයෙකු සභාපතිත්වය දැරූ ආයතනයක් බව ද එම පුවත්පත් වාර්තාව අනාවරණ කරෙයි.

 

 

 

[vsw id=”/XQcgjIbUoUU” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

sajin wass not involved with corrupt air cargo deal ?

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!