කෙහෙළිය ගේ බල්ටියට ආණ්ඩුවෙන් කෝටියක්

 

keheliya01_thumb_medium640_

ජනාධිපති අරමුදලෙන් 2012 වර්ෂයේදී කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයාට රුපියල් එක්කෝටි නවලක්ෂ අටදහස් හත්සිය අනූ අටක්(රු. 10,908,798) සහ හිටපු අගමැති දීමූ ජයරත්න මහතාට රුපියල් දෙකෝටි අනූ දෙලක්ෂ අනූ අටදහස් නවසිය විසි හයක් (රු.29,298,926) වෛද්‍යාධාර වශයෙන් ගෙවා ඇති බව හෙළි වේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අසා තිබූ ප්‍රශ්නයකට ලැබුණු පිළිතුරකින් මේ බව හෙළි වේ. මහජන නියෝජිතයින්ට එම වර්ෂයේ ලබා දී තිබූ මුලු වෛද්‍යාධාර ප්‍රමාණය රුපියල් හාරකෝටි හතලිස් එක්ලක්ෂ හතලිස් නවදහස් එකසිය හැට අටක් (රු.44,149,168)ය.

කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාට මෙම වෛද්‍යාධාර මුදල ගෙවා ඇත්තේ ඕස්ට්‍රේලි‍යාවේ සංචාරක හෝටල් කාමරයක ඇදවැටීමෙන් පාදයක් බිඳී යාමට ප්‍රතිකාර ගැනීම සඳහාය.

ජනාධිපති අරමුදල සාමාන්‍යයෙන් ණය දෙන ආයතනයක් නොවූවද කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයා මෙම මුදල කොටස් වශයෙන් ආපසු ගෙවන බවට පොරොන්දු වී තිබීම විශේෂත්වයක්ය.

පාර්ලිමේන්තුවට ලබා දී තිබූ පිළිතුරෙහි කොපමණ මුදලක් ආපසු ගෙවා ඇත්දැයි සඳහන් කර නැත.

චමිත්‍රි රඹුක්වැල්ල

 

පසුගියදා ශ්‍රී ලංකාවට කැඳවනු ලැබූ දේශපාලන පත්වීම ලබා සිටී රාජ්‍යතාන්ත්‍රීක සේවයේ කටයුතු කළ 36 දෙනා අතර සිටී හිටපු ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල නැවත කැඳවීම මඟහැර ඇමෙරිකාවේ රැදී සිටීමට උත්සාහයක යෙදී ඇති බව වාර්තා වේ.

දේශපාලන පත්වීමක් මත ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයන්ගේ දෙවන ලේකම් ලෙස 2011 වර්ෂයේදී නිව්යෝර්ක් වෙත ගිය චමිත්‍රි රඹුක්වැල්ල ඇයට හිමිව තිබූ වසර දෙකක කාලය අවසන් වීමෙන් පසුව නැවතත් 2013 වර්ෂයේදී වසර දෙකක සේවා දිගුවක් ලබා සිටින අතරතුරදී ඇයගේ පත්වීම දේශපාලන පත්වීමක් බැවින් නැවත ශ්‍රී ලංකාව වෙත කැඳවීම් කර ඇත.

එසේ තිබියදී විදේශ කටයුතු අමාත්‍යංශය වෙත ලිපියක් යොමු කරමින් ඇය පවසා ඇත්තේ දැනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ෆැසිපික කණ්ඩායමේ සැසිවාර සංවිධානය කිරීමේ කමිටුවේ දරන උප සභාපති ධූර කාලය ලබන ජූලි මාසයේ අවසන් වන බැවින් එම කාලය අවසන් වන තෙක රැදී සිටීමේ අවස්ථාව ලබා දෙන ලෙසයි.  තමන් ලංකාවට පැමිණියහොත් එම කමිටුව සමඟ ඇති සබඳතා අතහැර දැමීමක් සිදුවිය හැකි බවත් එම තනතුර හිමි වූයේ තමාගේ පුද්ගලික දක්ෂතාවයක් නිසා වන බවත් එම ලිපියේ සඳහන් කර තිබේ.

 

 

 

 

Former minister keheliya rambukwella,s big medical bill paid by government

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.