London:මෛත්‍රී ට එරෙහි ලන්ඩන් විරෝධතා අසාර්ථකයි

Maithripala London Ranil Chandrila Fonseka

 

ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළ අසල පැවති ජනපති මෛත්‍රීපාල සිරිසේන විරෝධි පෙළපාලියට පැමිණ ඇත්තේ දහ දෙනෙකුට අඩු පිරිසකි.

දෙමළ සංවිධාන කීපයක්මමෙවර විරෝධතා පවත්වන්නේ නැති බව ප්‍රකාශ කොට ඇත. සිරිසේන මහතා සහභාගී  වෙන උත්සව අවස්ථා වලදී විරෝධතාවන් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ගෝලීය දෙමළ සංසදය සිරිසේන මහතාට හිතවාදීව නිවේදන නිකුත් කරමින් තමන්ගේ සටන පවා දුන් බව මේ විරෝධතා  සංවිධානය කළ  පිරිස් කියා සිටිති.

හීත්‍රෝ ගුවන් තොටුපළ අසළට පමණි තවත් පිරිසක් දුර සිට බලා සිටියත් විරෝධතාවට එක් නොවුහ.

ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන හා ඔහුගේ බිරිය ජයන්ති සිරිසේන මහත්මිය ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපොළේදී තානාපති කාර්ය මණ්ඩලය විසින්පිළිගනු ලැබුහ.

 

ජනපති පිළිගැනීමට දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ විශේෂ නියෝජිතයකුද ගුවන් තොටට පැමිණ සිටියාය.

මෛත්‍රීපාල  සිරිසේන මහතා සමඟ  ශ්‍රී ලංකාවේ  වර්තමාන දේශපාලන සහ සමාජීය තත්ත්වය පිළිබඳව  අදහස් හුවමාරු කැර ගැනීමට  අවස්ථාවක් දෙන ලෙස බ්‍රිතාන්‍ය වසන ශ්‍රී ලාංකිකයෝ  දැඩිවඉල්ලා සිටිති.

 

 

London protest against president failure

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.