Mahinda:දේවත්වයට

Mahinda Rajapaksa

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් දේවාලයක් තම පුද්ගලික ධනයෙන් ඉදිකරන බව කෑගල්ලේ ව්‍යාරිකයෙකු පවසයි.

මේ බව වාර්තා කරන්නේ විමල් වීරවංශ මහතා ගේ අනුග්‍රහය යටතේ පවත්වා ගෙන යන බව කියන වෙබ් අඩවියකි..

මෙම දේවාලය ඉදිකිරීම සඳහා සුදුසු තැනක් නුවර තොළඹ පාරෙන් මේ දිනවල සොයන බවද පවසන ඔහු රට බේරාගත් නායකයා ගැන සදාකල්හිම මේ ශ‍්‍රි ලංකාවේ මිනිසුන් දැන ගත යුතු බවද කියා සිටී.

ලොකයක් මවිත කරමින් ත‍්‍රස්තවාදය පරදා රටට නිදහස් උදා කරදුන් ඒ වීර කතාව එම දේවාලයේ සෙල් ලිපියක සටහන් කරන බවද ඔහු කියයි.

ඉතිහාසයේද රට වෙනුවෙන් මහත් සේවාවන් සිදු කල රජවරුන් වෙනුවෙන් දේවාල සාදා ඇති බවද කියු ඔහු තම වැඩිමහල් පුතා යුධ හමුදාවේ සේවය කරමින් සිටියදී සතුරු ප‍්‍රහාරයෙන් මිය ගිය බවත් හමුදාවේ සිටින දෙවැනි පුතා මහින්ද මහත්තයා යුද්දය අවසන් කල නිසා දිවි බේරාගත් බවද පවසයි.

 

මේ පුවත පිළිබඳව විවිධ මතවාද පලවෙමින් පවතී.ඇතමුන්ට අනුව මෙය මුග්ධ බව පිළිබඳව ප්‍රකාශනයකි.තවත් අයෙකුට අන්ව මෙය කලගුණ සැලකීම පිලිබඳ ප්‍රකාශනයකි.

මේ කවර මතවාද පළවුනත් ප්‍රායෝගික තලයේ පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ ක්‍රමයෙන් අනුහස් නායකයෙක්  හැටියට පිළිගැනීමට ලක්වෙමින් තිබෙන බවයි. මේ  අනුහස දේශපාලනයට තීරණාත්මක බලපෑමක් කරාවිද නැද්ද යන්න වෙනමම ප්‍රශ්නයකි.එහෙත් ලාංකීය දේශපාලන සමීකරණයෙන් රාජපක්ෂ බලපෑම මුලිනුපුටා දැමිය හැකි බව යමෙක්සිතන්නේ නම් එය මුලාවකි. ඒ බලපෑමසමග ගනු දෙනු කිරීම තීරණාත්මක අභියෝගයකි.එසේ නොකොට මේ පවතින ආණ්ඩු ක්‍රමයට වැඩි දුරක් යා නොහැක.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.