Mahinda:වැඩේට සැට් ?

mi

 

 

 

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයේ සංචාරයක නිරතවෙමින් එහි පිරිස හමුවිය. ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වැඳ පුදා ගැනීමටද එක්වූ හිටපු ජනපතිවරයා දැක ගැනීමට විශාල පිරිසක් එහි එක් රැස් වූහ.

තමන් නැවත දේශපාලනයට එන බවත්, කලබල නොවී සිටින ලෙසත් එහි සිටි පිරිස අමතා මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මේ අතරවාරේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියන්නේ වෙනත් කථාවකි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට නැවත දේශපාලනයට ඒම සඳහා කිසිම උනන්දුවක් නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා පවසයි.

එසේ වුවත් මව්බිම මුහුණ දී සිටින අභියෝග පරාජය කිරීම සඳහා ඔහු නැවත දේශපාලනයට ගෙන ඒම අත්‍යවශ්‍ය බවත් ඊට උපරිම මැදිහත්වීම කරමින් සිටින බවත් ඔහු සඳහන් කරයි.

හිරු රූපවාහිනිය සමඟ ‘රට සහ හෙට’ වැඩසටහනට එක්වෙමින් ඔහු එසේ කියා සිටියේය.

වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දැන් ජනතාවක් නියෝජනය නොකරන ජනාධිපතිවරයෙක් බවද පැවසු ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දේශපාලනික වශයෙන් තීරණාත්මක අවස්ථාවන්හිදී බැසිල් රාජපක්‍ෂ මහතා මත පදනම් වීම දුර්වලකමක් වූ බවද කියා සිටියේය.

 

 

[vsw id=”/8rMqiAAPTYk” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 සිරිසේන ජනාධිපතිවරයාට පාඩමක් 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බැනපු පුද්ගලයින් ජනාධිපතිවරයාට ලංවී තමාට බනින බවත් සිරිසේන ජනාධිපතිවරයා එම පාඩම ඉගෙන ගත යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ(11) රාත්‍රියේ අනුරාධපුර, කුරුන්දන්කුලම පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතාගේ නිවසට පැමිණීමෙන් පසු ජනතාව අමතමිනි.

“සිරිසේන ජනාධිපතිතුමන්ට බැනපු උදවිය අද එයාට ළංවෙලා මට බනිනවා.මං හිතනවා සිරිසේන ජනාධිපතිතුමත් මේ පාඩම ඉගෙන ගනියි කියලා.මේ පාඩම ඉගෙන ගෙන කටයුතු කළොත් එතුමාට හොඳයි කියල මම හිතනවා.තමන්ගේ වටේ ඉඳගෙන තමන්ව නොමග යවන අයගෙන් පරිස්සම් වෙන්න කියා මතක් කරනවා” යැයි හිටපු ජනපතිවරයා සඳහන් කළේය.

“ආරක්ෂක ලේකම්තුමාට විරුද්ධව නොයෙකුත් චෝදනා පහුගිය දවස් වල එල්ල කළා. ඒ වගේම මට විරුද්ධව නොයෙකුත් චෝදනා එල්ල කරනවා.නාමල්ට, යෝෂිතට, රෝහිතට දරුවෝ ඔක්කොටම විරුද්ධව තමයි මේ චෝදනා තියෙන්නේ.තාම ඒ චෝදනා විභාග කරනවලු.මාලිගා හදල තියෙනවලු.අන්තිමට ඒ අයටම ඒවා පිළිගන්න සිද්ධ වුණා.කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණ ඕනෑම දෙයකට සියලු කැබිනට් ඇමතිවරු වගකියන්න ඕන.මං විතරක් නෙමෙයි. දැන් හරි පුදුම වැඩේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවේ කවුද? කඩාගෙන ගිහිල්ලා තරග කළේ කා එක්කද? ශ්‍රී ලංකා අපේක්ෂකයාත් එක්කමයි.පැරදුණු අපේක්ෂකයා පැරදුණා.නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරාගැනීමට අපේ පක්ෂය අපි භාර දුන්නා. මේ රටේ ජනතාව දක්වන සහයෝගය එදත්, අදත්, හෙටත් මට ලැබෙන බව විශ්වාසයි” යැයිද එහිදී මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසී ය.

 

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!