mahinda:සෙනග ගඟ ගලයි

karlmahindaමැදින් පුන් පොහෝදින තංගල්ල කාල්ටන් නිවසේ සදහම් ධර්ම දේශනාව,අමාදම් සිසිල, උඩුවේ ධම්මාලෝක ස්වාමින් වහන්සේ විසින් දේශනා කෙරුනු  අතර ඒ සදහා හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් හා ශිරන්ති රාජපක්ෂ මැතිනියත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු  සැදැහැවතුන්  විශාල පිරිසක් සහභාගී වුහ.

mahindahhhhh

හිටපු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකයෙකු බවට පත්කිරීමේ අපේක්ෂාවෙන් සංවිධාන කෙරෙන රැලි මාලාවේ දෙවැන්න හෙට මහනුවරදී පැවැත්වේ.

මහනුවර පොදු වෙළෙඳ සංකීර්ණය අභියස පැවැත්වෙන මෙම රැලියට සහභාගි වන බවයි එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයන් පිරිසක් කියා සිටීයේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීම සඳහා සියලූ දෙනා ඇප කැප වී කටයුතු කළ යුතු මොහොතක ඒ සඳහා අවශ්‍ය දායකත්වය පක්ෂයෙන් ලැබිය යුතු බව බස්නාහි පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.ඔහු පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට එරෙහි පොදු සටනට නායකත්වය දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි.ඒ අනුව පාක්ෂිකයාගේ ඉල්ලීම සහ අපේක්ෂාව තේරුම් ගෙන කටයුතු කළ යුතු බවයි රණතුංග මහතා අදාළ ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ.

මුකවඩාම් දමනු එපා.. හෘද සාක්‍ෂිය වලකනු බෑ.. – ප‍්‍රසන්න රතු පෑනෙන් මහ ලේකම්ට ලියයි..

මම නුගේගොඩ රැස්වීමට ගියේ මගේ හෘද සාක්ෂියට එකඟවය. පුද්ගලයින්ට තහංචි දැමිය හැකිය. එහෙත් හෘද සාක්ෂියට තහංචි දැමිය නොහැකිය. අනෙක පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේදී තීරණය කර ඇත්තේ                                                                                                                                                                                                                      පක්ෂයේඅනුමැතියකින් තොරව ඊට සහභාගී වීමට නොහැකි බවය. මහින්ද රාජපක්ෂ මහතාට ඡුන්දය දුන් 58 ලක්ෂ යෙන් කෙනෙකුට (අපේ පාක්‍ෂිකයෙකුට) එය නැරඹීමට  යාම පක්ෂය විසින් තහනම් කර නැත. එවැන්නක් තහනම් කිරීමටද ප‍්‍රජාතන්ත‍්‍රවාදයම ආත්මයම කර කර ගත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නොහැකිය. මෙම රැස්වීම ඔනෑම අයෙකු නැරඹීමට යන්නේ සිය හෘදය සාක්ෂියට එකගවය.

කෙසේ වෙතත් රණතුංග මහතා ඕස්ට්‍රේලියාවට ගොස් ඇතයි වාර්තාවේ. මේ අතරේ කවර තත්වයක් යටතේ වුවත් හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා ලබා නොදෙන බව

ජනාධිපති සිරිසේන මහතා ප්‍රකශ කොට ඇති බවට මාධ්‍ය වාර්තා පලවී තිබේ.

 

big crowds to see mahinda

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!