Mahinda ත්‍රීශුලයේ සැඟවුණු රහස

මහින්ද රාජපක්ෂ කතරගම මහා දේවාලයට රනින් නිම කළ අඟල් හයක් උසැති ත්‍රිශූලයක රිදී පඬුරක් ගැට ගසා භාරයක් ඔප්පු කළේ දේශපාලනයට පිවිසීමටද එසේත් නැත්නම් ඉදිරි දිනවල ආරම්භ වීමට යන විමර්ශන වලින් අරක්ෂාවීමටද යන ප්‍රශ්නය  මතු වී තිබේ.

ඔහුගේ බිරිය ශිරන්ති, දරුවන් වන නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, බස්නායක නිළමේ හා ඥාති පුත්‍ර ශෂීන්ද්‍ර රාජපක්ෂ, උදය ගම්මන්පිල හා ගාමිණී ලොකුගේ මහත්වරු ද පැමිණ සිටියහ.

මහින්ද රාජපක්ෂ මහතා කතරගම දේවාලයට පැමිණ පූජාවක් පවත්වා අනතුරුව කතරගම මහා දේවාලයට පැමිණ රන් පැහැති දේව ආභරණයක රිදී පඬුරක් ගැට ගසා පලතුරු පූජාවත් තබා දේව ආශීර්වාදය ලබා ගත්තේය.

මහින්ද රාජපක්ෂ මහතා යළි දේශපාලන කරළියට පිවිසෙනු ඇත්ද ඉදිරි මහ මැතිවරණයේදී යළි තරඟ කරනු ඇත්ද යන්න පිළිබඳ මේවනවිටත් තහවුරුවී නොමැති තත්ත්වයක් තුළ විවිධ කටකතා පැතිරෙන බැවින් මේ පිළිබඳවද  අදහස කුමක්දැයි නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදියෙක් අගමැති රනිල් වික්‍රමසිංහගෙන්  විමසා සිටියේය.

එහිදී අග්‍රමාත්‍යවරයාගේ ප්‍රතිචාරය වූයේ මෙයයි.

“මම ඔහුව දන්නවා. ආයෙමත් තරඟ කරාවි යයි මං හිතන්නේ නෑ”.

 

80075_a3-copy

mahinda’s Katharagama visit causes more speculation

මහින්ද රාජපක්ෂට අභියෝග කරන රනිල් වික්‍රමසිංහ

[vsw id=”/TDV28ft-TVQ” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.