Mahinda: නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ මා ලඟයි

 

 

 

20150103_LDP003_0

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ හදිසියේම හොරණ, මදුරාවල, ප‍්‍රාදේශීය සභාවට ගොස් ඇත. ඒ, මංගල උත්සවයකට සහභාගී වීම සඳහා ගමන් කරමින් සිටි අතරතුරය.

ඔහු පැමිණි පුවත සැළ වී ප‍්‍රදේශවාසීන් රැසක් එම ස්ථානයට පැමිණ සිටි බව වාර්තාවේ.

ඉදිරි මහ මැතිවරණයේදී සන්ධානයේ අග‍්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේදැයි ජනතාව මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසා සිටි අවස්ථාවේ, ” දැන් හොඳට ම බයවෙලා නේ.. මැතිවරණය ක්‍රමය වෙනස් කරන්නත් යනවලු ..” යයි පවසා ඇත.

 

[vsw id=”/P_aWbIFzIso” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

මහනුවර රැළියට යන්නේදැයි මාධ්‍යවේදීන් ඇසූවිට ඔහු පිළිතුරක් නොදී කියා සිටියේ එම රැළියට ආරාධනා ලැබී ඇති බවත් අද මඟුල් ගෙදරක යන බවත්ය.

”මට මගුල් ගෙදරක යන්න තියෙනවා. නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ මා ලඟයි. මමයි නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්නේ. ඔය ඇතිනේ. වැඩිය කතා කළොත් කට වරද්දාගන්න වේවි’ යයිද ඔහු පවසා ඇත.

තමන්ට අගමැති වීමට අවශ්‍ය නම් වහෙන් ඔරෝ කථා කරන්නේ නැතුව කෙළින්ම ඒ බව කියා ඉදිරිපත් නොවන්නේ මන්දැයි රාජිත සේනාරත්න ආමැතිවරයා  මීට පෙර ප්‍රශ්න කොට තිබුනි.

real SLFP is with me-mahinda

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.