Mahinda: නිලධාරීන් ඉදිරිපිට මහින්ද මා අසරණ කළා-මෛත්‍රී

z_p03-President

 

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී  හිටපු ජනාධිපතිවරයා නිලධාරින් ඉදිරිපිටදී තමන් අසරණ කළ ආකාරය ජනාධිපති  සිරිසේන මහතා කියා සිටියේය.

නිලධාරීන් ගේ වැඩට අත නොගසන්නැයි නිලධාරීන් ඉදිරිපිට කියා සිටි විට පරිපාලනයක් පවත්වා ගෙන යන්නේ කෙසේදැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.

කෙටුම්පත සකස් කල නිලධාරිනිය හදිසියේ විශ්‍රාම ගිය හැටිත් ඖෂධ සමාගම් අල්ලස් දීම සඳහා මුදල් එකතු කල ආකාරයත් ජනාධිපතිවරයා හෙළිදරව් කළේය.

 

[vsw id=”/a6wQWAprOzM” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

කැබිනට් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හා විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා යන අය ද එහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත් කෙටුම්පත පිළිබඳව අදහස් දැක්වී ය.

එම කෙටුම්පත දෙවන වර කියවීම සම්මත කිරීමෙන් අනතුරුව අවසන්වර සම්මත කිරීම ලබන සිකුරාදා දක්වා කල් තැබිණ.

ඒ ලබන සිකුරාදා කාරක සභා අවස්ථාවේදී ඊට සශෝධන එක් කිරීමට නියමිත බැවිනි.

අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ, මීට පෙර අදාළ පනත් කෙටුම්පත අතුරුදන් කිරීම සඳහා ඖෂධ සමාගම්වලින් මුදල් ලබා දී ඇති බව ය.

The former president mahinda  humiliated me in front of officials -president sirisena

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.