Mahinda-පළිගන්නේ නැත

 

download (29)

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ ධූර කාලය තුළ කිසිවෙකුගෙන් දේශපාලන පළිගැනීම් සිදු නොකළ බවත් වෛරී දේශපාලනයක් තමා තුළ නොතිබුණු බවත් ඊයේ (27) ශෂී වීරවංසගේ සුවදුක් විමසීම සඳහා කොළඹ රෝහලට පැමිණි අවස්ථාවේදී ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ පාලන සමය තුළ දේශපාලන පළිගැනීම් සිදු කළ බවට ඇති ප්‍රබල උදාහරණයක් දෙකක් වන්නේ 2010 ජනාධිපතිවරණයට ඔහුගේ ප්‍රතිවාදියා ලෙස තරඟ කළ හිටපු හමුදාපතිවරයා ජනාධිපතිවරණය අවසන් වී දින කිහිපයක් ඇතුළත හමුදා කුමන්ත්‍රණයක් සිදු කළේ යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගැනීම හා ඔහුගේ සියලුම නිලයන් හා විශ්‍රාම වැටුපද කපා හරිමින් වසර කිහිපයක් සිරගත කොට තැබීමය.

අනෙක් උදාහරණය වන්නේ විශ්‍රාමික අගවිනිසුරුවරිය වන ශිරාණි බණ්ඩාරනායක මහත්මිය තමන්ට අවශ්‍ය ආකාරයට නඩු තීන්දු ලබා නොදීම නිසා ඇයට එරෙහිව එක් රැයක් තුළ චෝදනා විමර්ශනය කර දේශපාලන විශ්වාසභංගයක් ඉදිරිපත් කරමින් අගවිනිසුරු ධූරයෙන් නෙරපා හැරීම සහ ඇයට හිමිවිය යුතු කිසිදු වැටුපක් ලබා නොදීමය.

එහෙයින් මේ කථා කරන්නේ ජනාධිපතිව  සිටි මහින්දද එසේත් නැති නම් වෙනත් මහින්ද කෙනෙක්ද යන ප්‍රශ්නය මතුවේ.

 

[vsw id=”/3qsNA6qBtEI” source=”youtube” width=”425″ height=”344″ autoplay=”no”]

 

mahinda does not take revenge

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.