Mahinda-බිය දැනවූ සංඛ්‍යා පෙන්වා දුන් මලිත්

මලිත් ජයතිලක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඉන්දියාවේ දිල්ලි විශ්ව විද්‍යාලයේ  පශ්චාත් උපාධිධාරියෙකි.“අලිමංකඩ පරාජය” නමින් යුද්ධය පිළිබඳ විග්‍රාහත්මක ග්‍රන්ථයක් ඉදිරිපත් කරමින් තොරතුරු විග්‍රහ කරන්නේ කෙස්දැයි අගනා  අත්දැකීම් කීපයක් සමාජ විද්‍යා සාහිත්‍යට එක් කළේය.

 

තමන් එකඟ නොවන මතයකට හෝ සාධාරණව සැලකීමේ හැකියාව මලිත් සතුය. පසු ගිය ප්ර්පලනය හැ සමීප සබඳතාවක් පැවැත්වූ මලිත් හට රාජපක්ෂ පරිපාලනයට එන පොට හොඳ නැති බව  පෙනී ගියේය.

 

තමන් දන්නා ක්‍රමවේදය භාවිතා කරමින්   හිටපු ජනාධිපතිවරයාට මෙවර මැතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බව ඔහු කියා සිටියේය.එහෙත් නැකත් කරුවන් හා ශාස්ත්‍රකරුවන් වටකොට සිටි මහින්ද රාජපක්ෂට මේ විස්තර ඇසීමට ඉස්පාසුවක් නැතිවිය.මලිත් පැත්ත මාරු කළේය. දැන් ඔහු ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපතිවරයාය.

images (63)

 සංඛ්‍යා විද්‍යාත්මකව දත්ත ඇසුරින් රාජපක්ෂ පරාජය දුටු හැටි

මේ ඒ පිළිබඳව ඔහු දක්වන අදහස්ය.

පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරන බව දේශපාලන අධිකාරිය වගේම ‍ජ්‍යොතිෂඥයින් සහතිකව ප්‍රකාශ කරන විටදී ඔහු පරාජයට පත්වන බව ඔබ පැහැදිලිව ප්‍රකාශ කළේ කෙසේද?
හැමෝම ගණන් හැදුවේ 2010 ජනාධිපතිවරණය පාදක කරගෙනයි. වැඩි ඡන්ද ලක්ෂ 18ක් තියෙනවා. ලක්ෂ 10ක් අඩු වුවත් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරන බව පෙන්වීමට තමයි ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුණේ. මහින්ද රාජපක්ෂ රැවැට්ටීම සඳහා ආණ්ඩුව ඇතුළේ හිටපු සමහරු ගණන් හැදුවා.
මම මේ බව පැහැදිලිව ප්‍රකාශයට පත් කළේ එක් මූලික සිද්ධාන්තයක් පදනම් කරගෙනයි. එනම් සාමකාමී ලංකාවක් තුළ මැතිවරණයක් පැවැත්වෙන වාතාවරණයකදීයි. මීට පෙර ජනාධිපතිවරණ පැවැත්වූයේ සාමකාමී නොවන වාතාවරණයක් තුළදීයි. පළාත් නවයේම ජනතාව ඒ මැතිවරණවලට සක්‍රීයව දායක වුණේ නෑ. ජනාධිපතිවරණයට සෘජුවම සක්‍රීයව දායකවෙලා තිබුණේ පළාත් හතක ජනතාව පමණයි. පළාත් දෙකක් අඩු ප්‍රතිශතවලින් තමයි දායක වෙලා තිබුණේ. සිංහල බහුතරය ජීවත්වන ප්‍රදේශවලින් තමයි ජනාධිපතිවරයා තේරී පත්වුණේ. විධායක ජනාධිපතිවරයා
අපක්ෂපාතී බේරුම්කරුවෙක් විය යුතුය යන අපේක්ෂාවෙන් තමයි එය ආරම්භ කළේ. ජනාධිපතිවරයෙක් බවට පත්වීමට සියලුම ජාතීන්ගේ ඡන්ද ලබාගැනීමට අවශ්‍ය වීම මේ සඳහා හේතු වුණා. ඒත් පැවති යුද්ධය විසින් මේ තත්ත්වය නිශේධනය කර තිබුණා. ඒත් මෙවර මැතිවරණය පැවැත්වුණේ මීට වඩා වෙනස් සාමකාමී වාතාවරණයකදීයි. පළාත් නවයේම ජනතාව සක්‍රීයව ඡන්දය ප්‍රකාශ කරන වාතාවරණයක්
තුළදීයි.

කවුද ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන මහින්ද රාජපක්ෂ රවටන්න ගණන් හැදුවේ?
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ඉහළ නිලධාරියෙක් මෙන්ම රජයේ ප්‍රබලම ඇමැතිවරයෙකුත් ඒ අතර ප්‍රධානයි. චරිත හේරත් මගේ ඉදිරිපත් කිරීමට විරුද්ධ ඉදිරිපත් කිරීමක් කළා. මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරන බව ඔවුන් තමන්ගේ සංඛ්‍යා‍ලේඛනවලින් පෙන්වා දුන්නා.

ඔබේ ගණන් කිරීම නිවැරදි වෙලා ඔවුන්ගේ ගණන් කිරීම වැරදි වෙන්නේ කොහොමද?
2010 දී ලක්ෂ 18ක් වැඩි ඡන්ද ගත්තා. ලක්ෂ 9ක් මහින්ද රාජපක්ෂගෙන් ගැලවී අනෙක් අපේක්ෂකයාට එම ලක්ෂ නවය ලැබුණොත් වැඩි ඡන්ද එකක්වත් නොලැබෙන, ඒ කියන්නේ බහුතරය බිංදුව වන තැනට පැමිණෙනවා. මට විරුද්ධව සංඛ්‍යා‍ලේඛන ඉදිරිපත් කළ අය විශ්වාස කළේ ලක්ෂ 18ම අහිමිවිය යුතුයි කියලයි. මේ සරල ගණිතය තේරුම් ගෙන තිබුණේ නෑ. ඒක අතිශය මූලික දුර්වලතාවයක්.
මෙහිදී බැසිල් රාජපක්ෂ හා චරිත හේරත් යන මහතුන් 2010 ජනාධිපතිවරණය හා ඉන්පසුව පැමිණි පළාත් සභා මැතිවරණ විග්‍රහ කරමින් සිය ඉදිරිපත් කිරීම් කළා. ඒත් මම මගේ ඉදිරිපත් කිරීම්වලදී සැලකිල්ලට ගත්තේ 2004 මැයි මාසයේ පැවැති පළාත් සභා මැතිවරණය හා 2005 ජනාධිපතිවරණයයි. එම මැතිවරණ දෙකේ ඡන්ද වෙනස සැලකිල්ලට ගනිමින් මම ඒවා විශ්‍ලේෂණය කළා. ආණ්ඩු බලය ඇති පක්ෂයකට ජනතාව ඡන්දය දෙන ආකාරයත් ජනාධිපතිවරණයකදී ඒ ජනතාව ඡන්දය ලබාදෙන ආකාරයත් ගැන මම සැලකිල්ලට ගත්තා. ඒ අනුව 2008 පළාත් සභා මැතිවරණය හා 2010 ජනාධිපතිවරණයේදී ඡන්දදායක වෙනස සැලකිල්ලට ගත්තා. ඒ අනුව 2014 මාර්තුවේදී පැවති දකුණ බස්නාහිර පළාත් සභා මැතිවරණ සහ ඌව පළාත් සභා මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කළ ජනතාව 2015 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන්නේ කෙසේද යන්න අදාළ කළා. ඒ අනුව මහින්ද රාජපක්ෂ පරාජයට පත්වන බව පැවසුවා.

මේ විශ්‍ලේෂණය සකස් කිරීම ආරම්භ කළේ කුමන කාලවකවානුවකදීද?
2014 වසරේදී දකුණ හා බස්නාහිර පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමෙන් පසුව තමයි මම මේ විශ්‍ලේෂණය සකස් කිරීම ආරම්භ කළේ. සාමකාමී ලංකාවක් තුළ සියයට අසූවක් ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවකදී වාර්ගික අපේක්ෂකත්වය ලබාගත් අපේක්ෂකයාට වඩා නිර්වාර්ගික අපේක්ෂකයාට පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි බව ඒ කාලයේදීම මම පෙන්වා දුන්නා.

මම දේශපාලන විද්‍යාව හා සංඛ්‍යාන විද්‍යාව එක් කරගෙන තමයි මේ ඉදිරිපත් කිරීම සකස් කළේ. මගේ මූලික උපාධිය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ. පශ්චාත් උපාධිය දිල්ලි විශ්ව විද්‍යාලයේ. මට සහයට සිටි රවීන්ද්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මූලික උපාධිය ලැබූ නීති විද්‍යාල ශිෂ්‍යයෙක්. අනෙක් කෙනා චාමර රාජගුරු. තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධිධාරියෙක්. මේ එක් වීම අපිට පැහැදිලිව ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණා.

මම ඇහුවේ මේ ඉදිරිපත් කිරීම රජයේ කාටද මුලින්ම පෙන්නුවේ කියලයි?
මම මුලින්ම මේක පෙන්නුවේ ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයාටයි. ඔහු යටතේ ඇති නිපුණතා සංවර්ධන අරමුද‍ලේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නිසා මම ඔහුට මේක මුලින්ම පෙන්නුවා. ඉන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ‍ලේකම් වූ එවකට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයාටත් මෙය පෙන්නුවා. ඉන්පසුව ඩිව් ගුණසේකර ඇමැතිවරයාගේ අමාත්‍යාංශයේදී තනි තනිවත් කණ්ඩායම් වශයෙන්ද මේක ඇමැතිවරුන්ට පෙන්නුවා. මහින්ද රාජපක්ෂ විඳින ඛිෙදවාචකය හඳහන් බලන්නේ නැතිව දේශපාලන විද්‍යාවට හා සංඛ්‍යා විද්‍යාවට අනුව ප්‍රකාශ කළා.

එහෙමනම් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරන බව බැසිල් රාජපක්ෂ හා ‍ජ්‍යොතිෂඥයින් දිගින් දිගටම ප්‍රකාශ කළේ කොහොමද?
මේ ඉදිරිපත් කිරීම ඇමැතිවරු විශාල පිරිසක් බලලා තිබුණා. මේ වෙලාවේ ජනාධිපතිවරණයකට යන්න එපා කියලා කිව්වා. මේ ඉදිරිපත් කිරීම පැය පහ හයක් වුවත් බලන්න පුළුවන්. කෙහෙලිය රඹුක්වැල්ල ඇමැතිවරයාට මේ ඉදිරිපත් කිරීම පැය පහක් කළා. එක පිටුවෙන් පිටුව විග්‍රහ කළා. මම ඇමැතිවරු විසි ගණනකට මේ ඉදිරිපත් කිරීම කළා. ඔවුන් තමන්ගේ වැඩ කටයුතු කල් දාලා මගේ ඉදිරිපත් කිරීම නැරඹුවා.

මේ ඉදිරිපත් කිරීම නැරඹූ ඇමැතිවරුන්ගේ ප්‍රතිචාරය වූයේ කුමක්ද?
මේ සියලුදෙනාම කීවේ අනිවාර්යයෙන් ජයග්‍රහණය කළ නොහැකි බවයි. අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙන ආ යුතු යැයි දිනේෂ් ගුණවර්ධන පැවසුවත් ඔහුත් එදා සිටියේ මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බවට වන ස්ථාවරයේයි. ඇතැම් ඇමැතිවරු මේ ගැන යම්තාක් දුරකට අවධානය යොමු කර තිබුණා.

බැසිල් රාජපක්ෂගේ ප්‍රතිචාරය වූයේ කුමක්ද?
ඔහුටත් මම පැය තුනක් තිස්සේ මගේ ඉදිරිපත් කිරීම කළා. ඔහුගෙන් මට දැඩි දෝෂාරෝපණයක් එල්ලවුණා. ඇමැතිවරුන් අධෛර්යයට පත් කරනවා කියලා ඔහුගෙන් මට විශාල චෝදනාවක් පැමිණියා. ඇමැතිවරු අධෛර්යයට පත් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව තමයි ඔහු මට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් පැවසුවේ. මම දිල්ලි විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබිම පදනම් කරගෙන කිසිදු තර්ක බුද්ධියකින් තොරව මා පිටුපස රෝ සංවිධානය සිටින බවට ඔවුන් පදනම් විරහිතව චෝදනා කළා. රෝ ව්‍යාපෘතියක් කරලා ඇමැතිවරු බිලි බා ගැනීමේ ව්‍යාපෘතියක් කරන බව තමයි ඔවුන් මට පැවැසුවේ.

එසේ ඇමැතිවරු බිලිබාගැනීමේ කිසිදු අදහසක් ඔබට තිබුණේ නැද්ද?
නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට අත්වන ඛිෙදවාචකයෙන් ඔහු බේරාගැනීමට තමයි මම මේ ඉදිරිපත් කිරීම සකස් කළේ. අද ඔහු අත්විඳින ඛිෙදවාචකයට අත් නොවීම සඳහා තමයි මේක ඉදිරිපත් කළේ. මේ ඉදිරිපත් කිරීම බැලුවා කියලා ජනාධිපතිවරයාට කියන්න බැරි කාලයක් තිබුණා. හිටපු ජනාධිපතිවරයාගේ පැත්තෙන් සමහරු කතා කරලා මගේ ඉදිරිපත් කිරීම බැලුවද කියලා අහලා තිබුණා. තමන්ගේ ආරක්ෂාව පතා එය බැලුවේ නැහැ කියලා සමහරු කියලා තිබුණා. මේ වගේ තත්ත්වයක් තමයි තිබුණේ. මහින්ද රාජපක්ෂ මේ දේශපාලන ඛිෙදවාචකයෙන් බේරාගැනීමට කළ උත්සාහයක් තමයි මේක.

ඔබ මේ ඉදිරිපත් කිරීම මැති ඇමැතිවරු හමුවේ පෙන්වමින් ගියාට හිටපු ජනාධිපතිවරයාට පෙන්වා තිබුණේ නෑ. ඔහු හමුවේ මෙය ඉදිරිපත් කිරීමට ඔබ අ‍පොහොසත් වුණේ ඇයි?
ජනාධිපතිවරයාට සමීපයෙන් වටේ ඉන්න පිරිසක් ඉන්නවානේ. විජයනානන්ද හේරත් හිටපු මාධ්‍ය අධ්‍යක්ෂවරයා, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ‍ලේකම් චරිත හේරත්, හිටපු ඇමැති මහින්ද යාපාගේ පුත් ලක්ෂ්මන් යාපා, හර්ෂ විජයවර්ධන, වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස වගේ අයට මේක පෙන්නුවා. මේ හැම එකකින්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයකට මේ අවස්ථාවේදී නොයන ලෙස පැවසීමට තමයි අවශ්‍ය වුණේ.

මහින්ද රාජපක්ෂ මහත්තයාට මේක පෙන්නුවේ නැත්තේ ඇයි?
ඔහු මේක බැලීමට සූදානම් වුණේ නෑ.

ඔහු මේ ඉදිරිපත් කිරීම නැරඹීම ප්‍රතික්ෂේප කළේ කෙසේද?
මම එන්.ජී.ඕ. කාරයෙක් කියලා මුලින්ම කිව්වා. රෝ සංවිධානයේ ඒජන්තයෙක් කිව්වා.

 

 

 

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මේ ඉදිරිපත් කිරීම නරඹන්නවත් එපා කියලා කියලා තියෙන්නේ කවුද?
මම හිතන විදියට බැසිල් රාජපක්ෂලා තමයි. සුබ අනාගතයක් කියන තේමා පාඨයේ නිර්මාපකයා මම. පළාත් පාලන මැතිවරණවලදී සුපිරි ගමක්, සුපිරි රටක් කියන තේමා පාඨය, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආශ්චර්යේ පිවිසුම යන තේමා පාඨ නිර්මාණය කළේ මම. මම තිරය පිටුපස සිටිමින් දේශපාලනය කළාට ඉදිරියට පැමිණ දේශපාලනය කරන්නේ නෑ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ‍පොදු අපේක්ෂකයා ලෙස බය නැතිව එළියට එන්නේ ඔබගේ ඉදිරිපත් කිරීම්වලින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පරාජයට පත්වන බව නිසැකවම සඳහන් කර තිබූ නිසාද?
ඇත්තටම කියනවා නම් එළියට පැමිණි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, අතුරලියේ රතන හිමි, පාඨලී චම්පික රණවක ඇමැතිවරයා හා රාජිත සේනාරත්න ඇමැතිවරයා මගේ ඉදිරිපත් කිරීම තරයේ විශ්වාස කළා.

හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව කිසිවෙක් හඬ නොනගන අවස්ථාවක ඔහු පරාජයට පත්වන බව නිසැකවම ප්‍රකාශ කරන විට ඔබට ජීවිත අවදානමක් තිබුණේ නැද්ද?
ඇත්තටම මට ජීවිත අවදානමක් තිබුණා. ඒ වෙලාවේදී මම කුඩා කාලයේ සිටම දන්නා හඳුනන ඩිව් ගුණසේකර හිටපු ඇමැතිවරයා මා වෙනුවෙන් පෙනී සිටියා. මගේ ආරක්ෂාව මම ඔහුට පැවරුවා. මා වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ඔහුටත් චෝදනා කළා. එක්තරා දවසක රෑ සන්ධාන පක්ෂ නායකයෝ රැස්වෙලා තිබුණා. මගේ ඉදිරිපත් කිරීම ගැන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පවසමින් තමයි මේ රැස්වීම පටන් ගෙන තිබුණේ. ඒ වෙලාවේ ඩිව් ගුණසේකර හිටපු ඇමැතිවරයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග වේගයෙන් තර්ක කර තිබුණා. පසුගිය අවුරුදු දහය තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ ඔහුට විරුද්ධව ඔහුට වඩා හයියෙන් කතා කරලා තිබුණා නම් ඒ එදා තමයි කතා කරලා තිබුණේ. ඒ රැස්වීම ඉවරවෙලා ඉදිරියට ආපු ඩිව් ගුණසේකර හිටපු ඇමැතිවරයා මට කතා කළා. ඒ අතරවාරයේම මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් මට කතා කළා. තමන්ට හරි දුක දවසක් බව ඔහු කිව්වා. අපි අර්බුදයකට මුහුණදුන් විට නායකයින් පෙනී නොසිටියත් ඩිව් ගුණසේකර ඔබ වෙනුවෙන් පෙනී සිටි ආකාරය දැක්කම මට දුක හිතුන බව කිව්වා.

මහින්ද රාජපකෂ හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව මේ වගේ ඉදිරිපත් කිරීමට තරම් හයියක් ඔබට පැමිණියේ කෙසේද?
මටත් ඒක හිතාගන්න බැහැ. මම විද්‍යාව පිළිගත්ත නිසා තමයි මේ හයිය මට පැමිණියේ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පරාජයට පත්වන බව ඔබ පවසනවා. ඒත් ඔහු ජයග්‍රහණය කරවීමට ඔබට යෝජනා තිබුණේ නැද්ද?
ඡන්දය පරදින නිසා ඡන්ද තියන්න එපා කියලා මට කියන්න බෑනේ. මගේ ඉදිරිපත් කිරීම අවසානයේදී පරාජය වළක්වාගැනීමට ඇති හැකියාව ගැන කරුණු ඉදිරිපත් කළා. වාර්ගික හා ආගමික කොටස් පූර්ණ වශයෙන් මහින්ද රාජපක්ෂගෙන් ඉවත්වීම තුළ පරාජයේ තර්ජනය ඉදිරිපත් වුණා. සමහරු කිව්වේ අවුරුද්දක් විතර කල් අරගෙන මැතිවරණයක් තියමු කියලා සමහරු යෝජනා කළා. මම යෝජනා කළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා අගමැතිවරයා බවට පත්වන ලෙසයි. පාර්ලිමේන්තුවට එන්න කියලා මම යෝජනා කළා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා යෝජනා කළා.

එවැනි සංඛ්‍යා විද්‍යාත්මක පැහැදිලි කර තිබිමක් කර තිබියදී ඒවා ගැන සැලකිල්ලක් දැක්වූවේ නැත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වටා සිටි පිරිස් විද්‍යාවට වඩා ‍ජ්‍යොතිෂ්‍ය විශ්වාස කළ නිසාද?
ඔව්. මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන අතර ප්‍රසිද්ධ සටනක් තිබුණ අතරම සුමනදාස අබේගුණවර්ධන හා මලිත් ජයතිලක අතර තිබුණා. මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම අවිද්‍යාත්මක මතය පිළිගනිද්දී අපි විද්‍යාත්මක ක්‍රමවේදය විශ්වාස කළා.

 

clock-01

 

 

ඔබ ‍ජ්‍යොතිෂ්‍ය විශ්වාස කරන්නේ නැද්ද?
සාමාන්‍ය මනුස්සයෙක් කරදරයට පත්වූ විට ‍ජ්‍යොතිෂය විශ්වාස කරනවා. ඒත් මේ වගේ වෙලාවකදී මහින්ද රාජපක්ෂගේ හඳහන විතරක් බලපාන්නේ නෑ. ශ්‍රී ලංකාව කියන රටටත් හඳහනක් තියෙනවා. කෝටි දෙකක් වූ මේ රටේ ජනතාවට හඳහන් කෝටි දෙකක් තියෙනවා. මේ කෝටි දෙකක් වන ජනතාවගේ සිතුම් පැතුම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හඳහනට ලඝු නොවන බව මේ මැතිවරණයේදී පෙන්වා දුන්නා.

දේශපාලනඥයින් මෙතරම් ‍ජ්‍යොතිෂය කෙරෙහි විශ්වාස කරන්නේ ඇයි?
දකුණු ආසියාව සාම්ප්‍රදායික සමාජයක් කියන්නේ මේ නිසානේ. ලංකාවේ විද්‍යාභිවර්ධන සංගමයේ ගොඩනැගිල්ලට මුල් ගල් තැබුවේත් නැකතටනේ.

ජ්‍යොතිෂ මතයත් මේ ඡන්දයේදී වාසි අවාසි ලෙස බලපෑවේ කෙසේද?
මෛත්‍රීපාල සිරිසේන අමාත්‍ය ධුරයෙන් ඉවත්වී එළියට පැමිණි විට මම ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට දායක වුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයේදී ‍ජ්‍යොතිෂ්‍යවේදීන් ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වූවා. රූපවාහිනී පුවත්පත්වලට ඔවුන් ගෙන ආවා. ඊට විරුද්ධව මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශ්වයෙනුත් ‍ජ්‍යොතිෂ්‍ය මත ඉදිරිපත් කළ අයත් සිටියා.

ජ්‍යොතිෂයට වඩා සංඛ්‍යා විද්‍යාව පිළිගත යුතුය කියලා මහින්ද රාජපක්ෂට ඒත්තුගැන්වීමට හැකි කවුරුවත් පසුගිය ආණ්ඩුව තුළ සිටියේ නැද්ද?
මේ සඳහා මහාචාර්ය කාලෝ ෆොන්සේකා උත්සාහයක් ගත්තා. මහින්ද රාජපක්ෂගේ තිබූ මහා කැරිස්මැටික නායකත්වය එක්ක ජනාධිපතිවරණය පැරදී ගෙදර යන මහින්ද රාජපක්ෂ කෙනෙක් ගැන හිතන්න බැරි තත්ත්වයක් ඇතිකරලා තිබුණා. මහින්ද රාජපක්ෂ නම් ඔහු ජනාධිපති විය යුතුයි කියලා ජනතාව හිතාගෙන හිටියා. මේක හිටපු ජනාධිපතිවරයාට පාඩුවක් වුණා.

මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග ඔහු සමග ඔබ එක්වන්නේ ඇයි? මෛත්‍රීපාල සිරිසේන ‍පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය ස්ථිරව දුටු නිසාද ඔබ වහාම ඔවුන් සමග එකතු වුණේ?
මම නම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පරාජය දුටුවා. අපි මෛත්‍රීපාල සිරිසේන සමග මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන විට ජයග්‍රහණය කිරීමේ ක්‍රමෝපාය බවට පත්වුණේත් මගේ ඉදිරිපත් කිරීමයි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ ඛිෙදවාචකයට මුහුණදෙන බව මම දැන සිටියා. ඔහු පරාජය බවට පත්වන බව දන්නා විට තවදුරටත් සභාපති ධුරයක සිටිය යුතු නැති නිසා මම එයින් ඉල්ලා අස්වුණා.

ඉදිරි මහ මැතිවරණයේ ජයග්‍රහණය ගැන ඔබ දැන් සංඛ්‍යා‍ලේඛන අනාවැකියක් කියන්නේ නැද්ද?
මේ වන විට ඇති දේශපාලන ව්‍යාකූලත්වය තුළ එවැන්නක් ප්‍රකාශයට පත් කරන්න බෑ

 

statistical prediction that the former president ignored

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.