Maldives:දේශපාලන අර්බුදය විසඳන්න රනිල්

downloadranmmiil

 

 

මාලදිවයිනේ වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එරට විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර ඔවුන් අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ සමඟ මේ සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා  සාකච්ඡා කර ඇති බවත් ෂිංහුවා පුවත්  සේවය වාර්තා කරයි.

මාලදිවයින් නියෝජිත පිරිසේ මූලිකත්වය ගෙන ඇත්තේ එරට පාර්ලිමේන්තුවේ හිටපු කථානායක සහ ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂයේ සාමාජික අබ්දුල්ලා ශාහිඞ්ය. අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුවේ සහයෝගය ලබා ගැනීම ඔවුන් ගේ අරමුනයි.

 

The former president was arrested on Sunday on terrorism charges, which carry a jail sentence of more than 10 years [AFP]

 

මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් පසුගිය ඉරිදා අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදී  චෝදනා යටතේය. මීට වසර තුනකට පෙර ජනාධිපති ධුරය හොබවන  සමයේ එරට  අධිකරණයේ ප්‍රධාන  විනිසුරුවරයා නීතිමය  නොවන ලෙස රදවා තැබීම ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවය.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයා එරට අපරාධ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇත.

මාලදිවයින් විපක්ෂ නියෝජිත කණ්ඩායමේ නායක අබ්දුල්ලා ශහීඞ් වැඩිදුරටත් ප්‍රකාශ  කළේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ්ගේ ආරක්ෂාව පිළිබඳව තමන්ට බියක් පවතින බවය.

ranil to mediate in Maldives crisis

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.