Mangala Clarifies Rome Convention-93 පහදයි

 

mangalassss

 

 

රෝම ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව අත්සන් තබා නැති හෙයින් යුක්තිය පසිඳලන්නේ දේශීය යාන්ත්‍රණයක් තුළින් බවත් ඒ සඳහා වන දේශීය යාන්ත්‍රණයක් රජය සකසන්නේ කිසිදු ජාත්‍යන්තර ආයතනයකට ලබාදුන් ‍පොරොන්දුවක් නිසා නොවන බවත් විදේශ ඇමති මංගල සමරවීර මහතා පවසා තිබේ.

රජයේ දින සියයේ වැඩසටහනේ 93 වැන්නේ මේ පිළිබඳව සවිස්තරව සඳහන් වන බවත් ඒ මහතා පවසා ඇත.

යුද්ධය පැවැති සමයේ ශ්‍රී ලංකාවේ වූ බව කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීම මෙම වසරේ සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීමට ජිනීවා හි මානව හිමිකම් කොමිසම ගත් තීරණය සමග ශ්‍රී ලංකාවට හිමි ජයග්‍රහණය දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා විසින් පාර්ලිමේන්තුවේදී අභියෝගයට ලක් කරමින් පැවසූ කරුණු සමග මෙම සංවාදය ඇති විය.

එ.ජා. මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධව යෝජනා කිහිපයක් මීට පෙර සම්මත කරගත් නමුත් එවකට පැවැති රජය කොමිසමේ නිලධාරීන්ට සහය නොදැක්වූ බවත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා පවසා තිබේ. වත්මන් රජය එ.ජා.සංවිධානයේ නිලධාරීන්ට සහය දීමට ‍පොරොන්දු වී ඇති බවට ජගත් මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් ප්‍රකාශ කර ඇති බවත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පෙන්වා දී තිබේ.

 

Foreign Minister Mangala Samraweera clarifies Rome  convention

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.