Marapana:ඉල්ලා අස්වීමෙන් ප්‍රශ්නය අවසන් නොවේ -අනුර

ඇවන්ගාඩ් ගැන තමන් කළේ සත්‍ය ප්‍රකාශයක්‌ බව පුන පුනා පවසන තිලක්‌ මාරපන මහතා එය සත්‍යයක්‌ නම් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වූයේ මන්දැයි ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කළේය.

මාරපන මහතා ඉල්ලා අස්‌වූ පමණින් ඇවන්ගාඩ් ප්‍රශ්නය අවසන් නොවන බව කී දිසානායක මහතා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ඇවන්ගාඩ් ආරක්‍ෂා කිරීමට පෙනී සිටියේ තිලක්‌ මාරපන මහතා පමණක්‌ නොවේ යෑයිද පැවසීය.

අධිකරණ ඇමැතිවරයාත් පොලිසිය භාර ඇමැතිවරයාත් ඇවන්ගාඩ් සම්බන්ධව කිසිදු නීතිමය ප්‍රශ්නයක්‌ නැති බව ප්‍රකාශ කළේ යෑයිද එනිසා තිලක්‌ මාරපන ඇමැතිවරයාට තිබූ චෝදනාව අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ද එල්ලවන බවත් කීය.

අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ල පැළවත්තේ පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

 

Marapana:The problem dosnt end by resigning- -Anura kumara

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!