Marpana’s Guard :යන්න මාරපන ගෙදර

d2374b1acf1909891f6399028569becc_XL

 

පාවෙන අවි නැවට පොලීසිය පැන්නේ ලකුණු දමා ගැනීමට යැයි ඇමති මාරපන කල ප්‍රකාශය ප්‍රශ්න කරන සිවිල් සමාජ ක්‍රියාධරයින් කියා සිටින්නේ  අගමැති රනිල් මාරපන ඇමතිවරයා ගෙදර යැවිය යුතු බවයි.

අනවසර ගිනි අවි භාවිතය පිළබඳව  නිස්සංක සේනාධිපති සහ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු පරීම්ට නීතිපතිවරයා නිර්දේශ කර තිබියදී ප්‍රශ්නය යටපත් කිරීමට තැත් කරන මාරපන ඇමතිවරයා ගෙදර යැවීම අගමැති රනිල් වික්‍රමසිංහ ගේ වගකීම බව ශිෂ්ට ලංකා සංවිධානය පෙන්වා දෙයි.

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර මිළදී ගැනීම සම්බන්ධයෙන් කටයුතු කල ආකාරය පිළිබඳව සිවිල් සමාජය කල ඉල්ලීමට වික්‍රමසිංහ අගමැතිවරයා කටයුතු කල ආකාරය දෙස බලතහොත් මේ  ඉල්ලීම ඉබ්බෙකුගෙන් පිහාටු ඉල්ලීමකි.

මේ අතර වාරේ පාවෙන අවි ගබඩා’ සිද්ධිය පිළිබඳ කතාබහ කිරීමට ඇවන්ට්ගාඩ් හිමිකාර මේජර් නිශ්ශංක සේනාධිපති මහතා කිසිඳු අවස්ථාවක තමා හමුවීමට නොපැමිණි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රකාශ කිරීමට සිදුවී තිබේ.

avant_garde_security_-_maithripala_sirisena

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැස්වීමට ඇවන්ට්ගාඩ් හිමිකාර මේජර් නිශ්ශංක සේනාධිපති මහතා පසුගිය ජනවාරි 10දා උදැසන ජනාධිපතිවරයාගේ නිවසට රැගෙන ගිය බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා තමා සමග පැවසු බව අනුර දිසානායක මහතා පවසා තිබින.

අනෙක් අතට පාවෙන අවී නැව ගැන අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ගේ අත් දෙක පිරිසුදු නැති බව අනුර කුමාර දිසානායක පෙන්වා දී ඇති විජේදාස රාජපක්ෂ ඇමතිවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කොට ඇත.

පාවෙන අවි නැවේ අනුග්‍රහකයින් තමන්ට වාසිදායක  ලෙස ජන මතය හැඩ ගස්වා ගැනීමට සුවිසාල මාධ්‍ය මෙහෙයුමක් දියත් කොට ඇති බව දන්නෝ දනිති.

මේ අනුව පාවෙන නව මීලඟ කඩි ගුල වීමට ඉඩ  තිබෙ .

ශිෂ්ට  ලංකා ලියුම

 

ThilakSin1_600px_15_11_06

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!