Mathala:ගුවන් තොටුපලට බැල්ම

 

 

 

 

 

විදෙස් ආයතන පහක් මේ වන විට මත්තල ගුවන් තොටුපළ බදු පදනම යටතේ ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර ඇති බව වාර්තාවේ. ගුවන් නියමු පුහුණු, ගුවන් යානා ඉංජිනේරු පුහුණු මධ්‍යස්ථානයක් ඇතුළු ව්‍යාපාරික කටයුතු කිහිපයක් සඳහා මෙලෙස ගුවන් තොටුපළ භාවිතා කිරීමට මෙම විදේශිය ආයතන බලාපොරොත්තුවේ.

මේ අතර මත්තල ගුවන් තොටුපළෙන් මසකට රුපියල් මිලියන 250ක පාඩුවක් සිදුවන බවට එහි සම්බන්ධිකාරක නිළධාරි ටෙරික් කරුණාරත්න මහතා පවයි.

පැය විසි හතර පුරා අද මත්තල ගුවන් තොටුපළ විවෘතව තැබෙන අතර දිනකට පැමිණෙන්නේ එකම එක ‘ෆ්ලයි ‍ඩුබායි’ ගුවන් ‍යානයක් පමණි‚. එයත් ඉදිරියේදී පැමිණේ දැයි විශ්වාසයක් නොමැත. වාර්ෂිකව ගුවන් මගීන් මිලියනයකට පහසුකම් සැලසෙන ලෙස සකස් කළ ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැඟිල්ල හරහා දිනකට එහා මෙහා ගමන් ගන්නේ අඩුම තරමින් දිනකට මගීන් පස් දෙනෙක් පමණක් බව ද පැවැසේ.

මත්තල ගුවන් තොටුපළ තැනීම සඳහා චීන රජයෙන් ලබාගත් සම්පූර්ණ ණය පිරිවැය ඇමෙරිකන් ඩොලර් මිලියන 210කි. මෙය මහින්ද රාජපක්ෂ යුගයේ සංවර්ධනය සම්බන්ධයෙන් වන හොඳම නිදර්ශනයකි. සංවර්ධනයේ නාමයෙන් සිදු කරනු ලැබු කොමිස් ජාවාරමේ එක ව්‍යාපෘතියක් ලෙස මත්තල හැඳින් විය හැකි අතර හම්බන්තොට වරායද අයත් වන්නේ මේ ගනයටමය.

Mathala air port attracts investors

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!