Modi:බුදු කරුණා දෑස තෙමී

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි  සෑ රදුන් වැනීමට යද්දී වැස්සක් පත්ත විය.Post වැස්සක ලකුණු ද නැතිව ඇද හැළුණි. දෙරටේ නායකායෝ දෙදෙනා වැස්සේම රුවන්වැලි සෑමළුවට මල් රැගෙන ගිය මල් පූජාකරනු දක්නට ලැබිණි.

දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු පිරිස අද පෙරවරුවේ අනුරාධපුර  ශ්‍රී මහා බෝධින් වහන්සේ වැදපුදා ගත්හ. අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැදුරටු අග්‍රාමාත්‍ය මෝදි මහතා පසු ශ්‍රී මහා බෝධි උඩමළුවට ගොස් නෙළුම්ල් සහ සිවුරක් පූජා කළේය.  අනතුරුව රුවන්වැලි සෑ ය වැඳ පුදා ගත්හ.

අගමැති නරේන්ද්‍ර මෝදි වසර තිහක යුද්ධයෙන් විනාශයට පත්ව තිබූ වැඩි දෙමළ ජනගහණයකින් යුත් යාපනය නගරයේ සංචාරයක යෙදෙන පළමු ඉන්දීය අගමැතිවරයා බවට පත්වෙයි.

 

484

යුද්ධය හේතුවෙන් තම නිවාස විනාශ වී ගිය පවුල් වලට දස දහස් ගණනක් නිවාස බෙදා දීම අද අගමැතිවරයා විසින් සිදුකිරීමට නියමිතව තිබේ.

අද ඔහු ගේ ශ්‍රී ලංකා චාරිකාවේ දෙවන දිනය මෙන් ම අවසාන දිනයයි.

සිකුරාදා පාර්ලිමේන්තුව ඇමතූ නරේන්ද්‍ර මෝදී අගමැතිවරයා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ පශ්චාත් යුද ප්‍රතිසංවිධාන කටයුතු ඉදිරියට ගෙන යන ලෙසයි.

විශ්ලේෂකයන් පවසන්නේ ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවේ අභිනවයෙන් පත් වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග සමීප සබඳතාවක් ගොඩනගා ගැනීමට කැමැත්තක් දක්වන අතර එසේම ඒ මගින් කලාපය තුළ ඇතිවෙමින් පවතින චීන බලපෑම යටපත් කර දැමීම ද ද්විතීයික අරමුණක් වන බවයි.

 

සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්

මධ්‍යම රජයත් පළාත් සභාවත් අදහස් හුවමාරු කර ගනිමින් ‘සහයෝගී ෆෙඩරල් ක්‍රමයක්’ අනුගමනය කිරීම සුදුසු බවට ඉන්දීය අගමැතිවරයා යෝජනා කළ බවයි  යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියා සිටින්නේ.

යළි පදිංචි කිරීම් සිදු කිරීමට ගෙන ඇති පියවර ප්‍රමාණවත් නොවන බව දෙමළ ජාතික සන්ධානය විසින් ඉන්දීය අගමැතිවරයාට පෙන්වා දුන් බවයි ඔහු කියා සිටී.

ඊට පිළිතුරු දුන් ඉන්දීය අගමැතිවරයා එම ප්‍රශ්නයත්, දෙමළ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නත්, දෙමළ සිරකරුවන් පිළිබඳවත් ඒ වන විටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සාකච්ඡා කොට තිබූ බව පැවසුවේ යැයි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එම ප්‍රශ්න සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවට සාකච්ඡාවලින් පෙනී ගිය බව ඉන්දීය අගමැතිවරයා කියා සිටි බවත් දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ව්දිදුරටැහැ කියා සිටී.

 

 

 

 

 

498 497 496 0 117 (1) 487 (1) 486 485 484 117 (1)

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.