Murder:රත්ගම මනෝජ් මරණයඅළු යට ගින්නක්ද?

 

 

 

පසුගිය කාලය පුරාම දකුණු පළාතෙන් අසන්නට දකින්නට ලැබුණු අපරාධ ගණනාවකි. දකුණු පළාතේ රජකරගෙන සිටින පාතාල කණ්‌ඩායම් ප්‍රසිද්ධියේම අපරාධ කරන බවක්‌ පෙනෙන්නට තිබුණේය.

 

ගෙවී ගිය මාසයක්‌ වැනි කාල සීමාවක්‌ තුළදී දකුණු පළාතෙන් වාර්තා වූ මිනිස්‌ ඝාතන ප්‍රමාණය දහයකට ආසන්න විය. ඒවායින් බහුතරයක්‌ පාතාල කණ්‌ඩායම් සිදුකළ ඒවා බව මේ වන විට හෙළිවී හමාරය.

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝඡ් මැන්ඩිස්‌ ඝාතනයත් සමගම දකුණේ පාතාලය යළි ගිනියම් වුණේය.

 

මනෝඡ් මැන්ඩිස්‌ හික්‌කඩුව නාරිගම පිහිටි හෝටලයකදී වෙඩි තබා සාහසික ලෙස ඝාතනය කිරීමේ සිදුවීමෙන් දකුණු පළාත පමණක්‌ නොව මුළු රටම ගිනි ගත්තේය.

 

මනෝඡ් මැන්ඩිස්‌ගේ ඝාතනය ඇසූ දකුණේ ධනවත් පුද්ගලයන් සැනසුම් සුසුම් හෙලද්දී තවත් පිරිසක්‌ හඬා වැටුණාහ.

 

හික්‌කඩුව, රත්ගම, කොස්‌ගොඩ ප්‍රදේශවල දුප්පත් අහිංසක මිනිසුන් ඉදිරියේ මනෝඡ් මැන්ඩිස්‌ පෙනී සිටියේ නූතන සරදියෙල් ලෙසය.

ධනවත් ඇති හැකි මිනිසුන්ගෙන් බලහත්කාරයෙන් ලබා ගන්නා මුදල් වස්‌තුව ඉඩකඩම් දුප්පත් මිනිසුන් අතර බෙදා හරිමින් ඔහු ඒ ජනතාව අතර වීරයකු ලෙස පෙනී සිටියේය.

එහෙත් මේ වීරත්වය පිටුපස බොහෝ දේ සැඟවී තිබුණේය. හික්‌කඩුව කලුපේ ප්‍රදේශයේ හැදී වැඩුණු මනෝඡ් මැන්ඩිස්‌ පුංචි සන්දිය ගතකළේ ඉතාම දුෂ්කර ජීවිතයකි.

මනොඡ් ගේ පියා රජයේ බැංකුවක සුළු සේවකයකු වූ අතර මනෝඡ් මැන්ඩිස්‌ පුංචි කාලයේ සිටම මහා දඩබ්බරයකු වුණේය. මේ දඩබ්බරකම් නිසාම පාසල් අධ්‍යාපනය අතරමග කඩාකප්පල් කරගත් ඔහු ගමේ රස්‌තියාදුකාරයන්ගේ කල්ලියට වැටුණේය.

පුංචි සන්දියේ කළ දඩබ්බරකම් නිසා මනෝඡ් අහළ පහළ මිනිසුන් අතින් ගුටිකෑ අවස්‌ථා බොහෝය. වරක්‌ පාසල ඇරී නිවසට එද්දී අතරමග නිවසක පදිංචිකරුවකුට කළ දඩබ්බරකමක්‌ නිසා මනොඡ් ඔහුගෙන් පහර කෑවේය.

ඉන් නොනැවතුණු මේ පුද්ගලයා මනොඡ් ඇඳගෙන ගොස්‌ නිවසේ බලු කූඩුවට දමා එහි පැය කීපයක්‌ සිරකර තැබුවේය.

අධ්‍යාපනය අතරමග කඩාකප්පල් කරගෙන රස්‌තියාදු ගහමින් සිටි මනොඡ් දකුණේ පාතාල කල්ලි නායකයකු ලෙස හඳුන්වන රත්ගම නඳුන් දැන හඳුනා ගත්තේය. නඳුන්ගේ ඇසුර මනොඡ් මෙන්ඩිස්‌ගේ මුළු ජීවිතයම වෙනස්‌ කළේය.

විවිධ අපරාධ කිරීම සඳහා මනෝ- විශාල පන්නරයක්‌ ලබා ගත්තේ රත්ගම නඳුන් හරහාය. මංකොල්ලකෑම, කුලියට මිනී මැරීම, කප්පම් ගැනීම වැනි අපරාධ නඳුන්ගේ පාතාල කල්ලියේ ප්‍රධානම ආදායම් මාර්ග විය.

නඳුන්ගේ කල්ලියට සම්බන්ධ වූ මනොඡ් මෙන්ඩිස්‌ හා හා පුරා කියා මුලින්ම අපරාධයකට සම්බන්ධ වුණේය. ඒ අළුත්ගම අධිකාරිගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක මාසික වැටුප් මංකොල්ලකෑමටය.

මනොඡ් මුලින්ම පොලිස්‌ අත්අඩංගුවට පත්වන්නේද මේ මංකොල්ලය නිසාය. පොලිසියට කොටු නොවී නඳුන් පලා ගියද මනොඡ් මෙන්ඩිස්‌ ඇතුළු සගයන් කීපදෙනකු ආයුධත් සමග කොටු වුණේය.

මේ සිදුවීමෙන් පසු කලක්‌ බන්ධනාගාරගතව සිටි මනොඡ් මෙන්ඩිස්‌ ඇප ලබා ඉන් පිටවන්නේ දකුණේ තවත් දාමරිකයකු ලෙසය. එතැන් සිට නඳුන්ගේ කල්ලියට සම්බන්ධ වූ මනෝ- දිගින් දිගටම විවිධ අපරාධවල නිරත වන්නට පටන් ගත්තේය.

2003 වර්ෂයේදී හික්‌කඩුව නගරාධිපති පින්නදූව මහතා වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ නඳුන්ගේ කල්ලියේ සාමාජිකයන්ය. නගර සභාවේ දේශපාලනඥයකුගේ කොන්ත්‍රාත්තුවක්‌ මත නඳුන්ගේ සගයන් විසින් මෙම ඝාතනය කළ බව හෙළිකර ගත්තේ එවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකයකු ලෙස රාජකාරි කළ එච්. සමුද්‍රජීව මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ විසින්ය.

 

පින්නදූව මහතා ඝාතනය සම්බන්ධයෙන් මනොඡ් මෙන්ඩිස්‌ගේ නමද කියෑවිණි. ඝාතනය සඳහා මනොඡ් ඇතුළු සගයන් පිරිසක්‌ පැමිණි බව හෙළිකරගත් රහස්‌ පොලිසිය ඒ ඔස්‌සේ පරීක්‍ෂණ කළේය.

අවසානයේදී මනොඡ් මෙන්ඩිස්‌, ආමි මල්ලී ඇතුළු සැකකරුවන් පිරිසක්‌ අත්අඩංගුවට ගත්තේය. එවරද නඳුන් පොලිස්‌ ඇසට වැලි ගසමින් පලා ගියේය.

කලක්‌ බන්ධනාගාරගතව සිටි මනොඡ් නැවතත් හික්‌කඩුවට එන්නේ චණ්‌ඩියකු ලෙසය.

82531_ss

නඳුන්ගේ කල්ලිය සමග සබඳතා පවත්වමින් විවිධ අපරාධවල නිරත වූ මනොඡ් මෙන්ඩිස්‌ හික්‌කඩුව ප්‍රදේශයේ දාමරික චරිතයක්‌ බවට පත් වුණේය.

ඒ වන විට හික්‌කඩුව, රත්ගම, අළුත්ගම, කොස්‌ගොඩ ප්‍රදේශ පුරා නඳුන් සිය පාතාල ආදිපත්‍යය පතුරුවාගෙන සිsටියේය. මනොඡ් මෙන්ඩිස්‌ ඉතාම ශීඝ්‍ර ලෙස ප්‍රදේශය පුරා බලය පතුරුවාගෙන චණ්‌ඩියකු බවට පත්වන ලකුණු නඳුන් කල්තියාම දුටුවේය.

මනොඡ් චණ්‌ඩියකු වුවහොත් තම බලය දියාරුවන බව තේරුම් ගත් නඳුන් ඔහුගේ ගමන නතර කිරීමට සැලසුම් සකස්‌ කරන්නට වුණේය.

 

අවස්‌ථා කීපයකදීම මනොඡ්ට අනතුරු ඇඟවීම් කළද ඔහු ඒ කිසිවක්‌ ගණනකට ගත්තේ නැත.

 

මේ සිදුවීම් හමුවේ දැඩි ලෙස උරණ වී සිටි නඳුන් හොර රහසේම මනොඡ් මෙන්ඩිස්‌ මරා දැමීමට සැලසුම් සකස්‌ කරන්නට පටන් ගත්තේය.

අවස්‌ථා කීපයකදීම ආමි මල්ලී මනොඡ් මරා දැමීමට උත්සාහ කළද ඒ සියල්ල ව්‍යර්ථ විය. නඳුන් තමන් ඝාතනය කිරීමට උත්සාහ කරන බව මනෝඡ්ද තේරුම් ගෙන සිටියේය.

අපරාධ කීපයක්‌ සම්බන්ධයෙන් පොලිසිය මගහරිමින් සිටි මනොඡ් මෙන්ඩිස්‌ එක්‌ අවස්‌ථාවකදී පොලිස්‌ නිලධාරීන්ගේ අතටම හසු වුණේය.

දකුණේ එක්‌තරා පොලිසියක ස්‌ථානාධිපතිවරයකු විසින් මනොඡ් මෙන්ඩිස්‌ අත්අඩංගුවට ගත්තේය.

“උඹව අල්ලන්න ඔත්තුව දුන්නෙ උඹේ බොස්‌ නඳුන්”

ස්‌ථානාධිපතිවරයා මනෝ- මෙන්ඩිස්‌ට කීවේය.

ඒක කීයටවත් වෙන්න බැහැ සර්…. නඳුන් ඒවගේ මිනිහෙක්‌ නොවෙයි…

පොලිස්‌ නිලධාරියාගේ කීම මනොඡ් තදින්ම ප්‍රතික්‌ෂේප කළේය. ඒ අවස්‌ථාවේ පොලිස්‌ නිලධාරියා සිය ජංගම දුරකථනයෙන් නඳුන්ට ඇමතුමක්‌ ලබා ගත්තේය. මනොඡ් අල්ලාගත් බව නොපවසා ඔහු ගැන නඳුන්ගෙන් විස්‌තර විමසන්නට වූවේය.

මේ සංවාදය මනොඡ්ට අසා සිටින්නට ද පොලිස්‌ නිලධාරියා කටයුතු කළේය.

“කෝ බං තාම මමනොඡ් මෙන්ඩිස්‌ ආවෙ නැහැනෙ.

පොලිස්‌ නිලධාරියා නඳුන්ට දුරකථනයෙන් කීවේය.

ඒක වෙන්න බැහැ සර්… මිනිහා දැන් වාහනේ ඔතනට එනවා. තව විනාඩියක්‌ ඉන්න මිනිහා ඔතනට එයි.

නඳුන්ගේ වදන් ඇසූ මනොඡ් මෙන්ඩිස්‌ දණ්‌ඩෙන් පහර කෑ සර්පයකු සේ කෝප වූවේය.

මේ සිදුවීම්වලින් පසු මනොඡ් මෙන්ඩිස්‌ නඳුන් සමග පසුවූයේ දැඩි වෛරයකින්ය. නඳුන්ගේ කල්ලියෙන් ඉවත් වූ මනොඡ් හික්‌කඩුව ප්‍රදේශය පුරා තම බලය පතුරුවාගෙන සිටින්නට පටන් ගත්තේය.

8d47b0c1abc078fcde98bef171064b94_L

පසුගිය වසර 12 ක්‌ වැනි කාල සීමාව තුළ දකුණේ සිදුවූ මිනී මැරුම් ගණනාවක්‌ සම්බන්ධයෙන් මනොඡ් මෙන්ඩිස්‌ට චෝදනා එල්ල වී තිබුණේය.

 

හික්‌කඩුව තොටගමුව හන්දියේ දී පොඩි රත්තා සහ ලොකු රත්තා ඝාතනය, කලුපේ යසපාල මුදලාලිගේ පුතුන් තිදෙනා මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණේ මනොඡ් ගේ කල්ලියටය.

මේ අතර හික්‌කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක හිමිකරු ඝාතනය කර එහි අයිතිය ලබාගත් බවටද මනොඡ්ට එරෙහිව චෝදනාවක්‌ එල්ල වී තිබුණේය.

 

හික්‌කඩුවේම පිහිටි තවත් හෝටලයක්‌ බලහත්කාරයෙන් අල්ලා ගත් මනොඡ් ඇතුළු සගයන් එහි හිමිකරුවන් පලවා හැරීමට කටයුතු කළේය.

 

හෝටලයේ අයිතිය නැවත ලබා දීමට නම් රුපියල් ලක්‍ෂ 50 ක කප්පම් මුදලක්‌ ගෙවන ලෙස එය හිමි කාන්තාවට දැනුම් දුන් මනොඡ් හෝටලයේ පාලනය සියතට ගත්තේය.

අවසානයේ මේ අවනඩුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන ගිය අයිතිකාරිය කිසියම් සහනයක්‌ බලාපොරොත්තු වූවාය.

එහිදී මනොඡ් මෙන්ඩිස්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවූ බලධාරීන් හෝටලයේ ගැටලුව නිරාකරණය කරදී එය අයිතිකාරියට නැවත ලබාදීමට පියවර ගත්තේය.

අළුත්ගම ප්‍රදේශයේ විදේශිකයකුට අයත් අක්‌කර 50 ක ඉඩමක්‌ තිබුණේය. එම ඉඩම බලහත්කාරයෙන් අල්ලා ගත් මනොඡ් මෙන්ඩිස්‌ ඇතුළු සගයන් ඉඩම කැබැලි කර ප්‍රදේශයේ දුප්පත් මිනිසුන් අතර බෙදා දුන්නේය.

ඉඩමෙන් වැඩි කොටසක්‌ මනොඡ් තමන් සතු කරගැනීමට ද අමතක කළේ නැත. මෙම ඉඩම විදේශිකයාගෙන් මිලදී ගෙන ප්‍රදේශයේ දුප්පත් ජනතාවට බෙදා දෙන බව කියමින් හික්‌කඩුවේ හෝටල්වලින් සහ ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් ලක්‍ෂ ගණනින් මුදල් ලබා ගැනීමට ද ඔහු අමතක කළේ නැත.

මේ ආකාරයට දකුණු පළාතේ කුරුඳු ඉඩම් කීපයක්‌ද මනොඡ් බලහත්කාරයෙන් අල්ලා ගත්තේය.

ඒ වන විට මනොඡ් මෙන්ඩිස්‌ දකුණේ ප්‍රබල දේශපාලනඥයන් කීප දෙනකුම ඉතාම සමීපව ඇසුරු කළේය.

ඔවුන්ට අවශ්‍ය නීති විරෝධී ක්‍රියාවන් බොහොමයක්‌ සිදුවුණේ මනොඡ් මෙන්ඩිස්‌ අතින්ය. මනොඡ් දේශපාලනයට සම්බන්ධ වන්නේ ඔහුට අවශ්‍ය රැකවරණය ලබා ගැනීම සඳහාය.

මනොඡ් මුලින්ම තරග කරන්නේ රත්ගම ප්‍රාදේශීය සභාවටය. ඒ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේය. මුල්ම ඡන්දයෙන් රත්ගම ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ මනොඡ් ඒ හරහා විශාල දේශපාලන රැකවරණයක්‌ ගොඩනගා ගත්තේය.

එතැන් සිට මනොඡ් මෙන්ඩිස්‌ගේ අපරාධවලට ලයිෂන් ලැබුණේය. ඔහුට එරෙහිව වචනයක්‌ හෝ කතා කරන්නට තරම් ශක්‌තියක්‌ ඇති පුද්ගලයකු හික්‌කඩුවේ හෝ ඒ හතර මායිමේ සිටියේ නැත.

ගාල්ල, හික්‌කඩුව, රත්ගම, කොස්‌ගොඩ ප්‍රදේශවල මනොඡ් තම බලය ව්‍යාප්ත කරන්නට පටන් ගත්තේය. ඒ වන විට නඳුන් රට හැර ගොස්‌ සිටියේය. රත්ගම විදුර නමැති පාතාල ප්‍රබලයා සමගද මනොඡ්ගේ ආරවුලක්‌ තිබුණේය. විදුර මෙහෙය වූ පාතාල කල්ලිය සමගද අවස්‌ථා කීපයකදීම ගැටුම් ඇතිකර ගත් මනොඡ් ඒ සියල්ල තම ජයග්‍රහණයන් බවට පත් කර ගත්තේය.

රත්ගම විදුර ඉතාලියට පලා ගියේ හික්‌කඩුව ප්‍රදේශයේ ජීවත් වීම අනාරක්‍ෂිත බව තේරුම් ගෙනය.

රටේ ප්‍රබලම දේශපාලන පවුලක පුත්‍රයකු හා සමීප සබඳතාවක්‌ ගොඩනගාගත් මනොඡ් මෙන්ඩිස්‌ තමන්ට රිසිසේ කටයුතු කරන්නට පටන් ගත්තේය. මේ සම්බන්ධතා හරහා උසස්‌ පොලිස්‌ නිලධාරීන්ගේ ඇසුරද මනොඡ්ට ලැබී තිබුණේය.

දකුණේ එක්‌තරා නියෝජ්‍ය පොලිස්‌පති වරයකු සමීපව ඇසුරු කළ මනොඡ් ඔහුට තෑගිබෝග ලබාදී තමන්ට අවශ්‍ය ආරක්‍ෂාව ඒ හරහා ලබා ගත්තේය.

රත්ගම ප්‍රාදේශීය සභාවට දෙවැනි වර තරග කිරීම නිසා එහි සභාපති ධුරය මනොඡ්ට හිමිවුණේය.

ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කරද්දී මනොඡ් තම පක්‍ෂයේම සහෝදර අපේක්‍ෂකයන් සමග ගැටුම් ඇතිකර ගත්තේය. ඒ මනාප ඡන්ද වැඩිපුර ලබා ගැනීමේ සටනේ ප්‍රතිඵලයක්‌ ලෙසය.

ගීත් රත්ගම ප්‍රාදේශීය සභාවට තරග කළේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන්ය. මනාප පොරයේ ප්‍රතිඵලයක්‌ ලෙස මනොඡ් ගීත්ට වෙඩි තැබුවේ ඔහු ඡන්ද සටනින් ඉවත් කිරීම සඳහාය. එහෙත් වෙඩි ප්‍රහාරයෙන් මියගියේ ගීත්තේ සොහොයුරාය. ගීත්ද වෙඩි වැදී තුවාල ලබා රෝහල්ගතව සිට පසුව සුව වුණේය.

හික්‌කඩුව ප්‍රදේශය පුරා මෙවැනි භීෂණයක්‌ බලයක්‌ පතුරුවා ගෙන සිටියද මනොඡ් මෙන්ඩිස්‌ අසරණ දුප්පත් මිනිසුන් වෙත අත දිගහැර මුදල් වියදම් කළේය.

 

ප්‍රදේශයේ පොදු වැඩවලට රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබා දුන්නේය. ඒ සෑම මුදලක්‌ම ඔහු ලබා ගත්තේ ප්‍රදේශයේ හෝටල් හිමියන්ගෙන් සහ දානපතියන්ගෙන්ය.

 

මුදල් ලබා නොදුන් පුද්ගලයන්ට යහතින් සිටින්නට ඉඩ ලැබුණේ නැත. මේ බව දැන සිටි දකුණේ ධනවතුන් මනොඡ් මෙන්ඩිස්‌ගේ අණට පිටින් ගියේ නැත.

 

විදුරගේ සහ නඳුන්ගේ කල්ලියේ සාමාජිකයන්ගෙන් කොයි මොහොතක හෝ තමන්ට තර්ජනයක්‌ අනතුරක්‌ සිදුවීමට ඉඩ තිබෙන බව මනොඡ් හො¹කාරවම දැන සිටියේය.

මේ හේතුව නිසා මනොඡ් වැඩිපුර කාලය ගත කළේ හික්‌කඩුව ප්‍රදේශයේය. රත්ගම ප්‍රාදේශීය සභාව වෙත ගියද ඔහු එහි වැඩි වේලාවක්‌ ගත කළේ නැත. රත්ගම සැරිසරන හැම මොහොතකම පොලිස්‌ රැකවරණයක්‌ ලබා ගැනීමට මනොඡ් අමතක කළේ නැත.

 

තෙල්වත්තේ පොඩි ලසී ධනවත් ව්‍යාපාරිකයෙකි. ට්‍රොaලර් බෝට්‌ටු කීපයකම හිමිකරු වූ පොඩි ලසී විදුරගේ කල්ලියට සම්බන්ධ වී සිටි අයකු ලෙස ප්‍රසිද්ධය. පොඩි ලසීගේ සොහොයුරු සහ පියා අබිරහස්‌ අන්දමින් පසුගිය කාලයේ ඝාතනයට ලක්‌ව තිබුණේය.

 

මේ ඝාතන පිටුපස මනොඡ්ගේ සම්බන්ධයක්‌ තිබෙන බවට පොඩි ලසී සැකකළේය. මේ අතර පොඩි ලසීගේ ගෝලයන් කීප දෙනකු මනොඡ් මෙන්ඩිස්‌ගේ ගෝලයන් සමග පැටලුනේය.

 

ඒ මීට සති දෙකකට පමණ උඩදීය. ලසීගේ ගෝලයකුට මනොඡ්ගේ ගෝලබාලයන් පහරදී තිබුණේය. මහින්ද රාජපක්‍ෂ රජය පරාජය වීමත් සමගම දේශපාලන බලය අහිමි වී සිටි මනොඡ් සිය චණ්‌ඩිකම් අතහැර නිහඬ ජීවිතයක්‌ ගතකිරීමට උත්සාහ කළේය.

එහෙත් ඒ වන විට මනොඡ් පරලොව යෑවීමට පොඩි ලසී ඇතුළු සගයන් සැලසුම් කරගෙන සිටියහ. ඒ බව මනොඡ් මෙන්ඩිස්‌ දැන සිටියේ නැත.

මනොඡ් මෙන්ඩිස්‌ කලක්‌ පොඩි ලසී සමග සමීප සබඳතාවක්‌ ගොඩනගාගෙන සිටියේය.

තම සගයන් අතර ඇතිවී තිබෙන ගැටුම සමතයකට පත්කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට අවශ්‍ය බව පොඩි ලසී මනොඡ් මෙන්ඩිස්‌ට දැනුම් දුන්නේය.

හරි මම ලෑස්‌තියි. උඹ වරෙන් හික්‌කඩුවෙ හෝටලේට. මම ඉන්නවා.

මනොඡ් පොඩි ලසීට කීවේය.

පොඩි ලසී හික්‌කඩුව නාරිගම සංචාරක හෝටලය වෙත එන්නේ ඒ ආරාධනාව අනුවය.

නාරිගම හෝටලයේ අයිතිය තිබුණේද මනොඡ් මෙන්ඩිස්‌ටය. එය වෙනත් පුද්ගලයකු යොදවා පවත්වාගෙන යැමට ඔහු කටයුතු කරන බව ප්‍රසිද්ධ රහසකි.

මේ හෝටලයේ ඩිස්‌කෝ නර්තන පැවැත්වීම සතියකට කිහිප වරක්‌ සිදු කරන්නේ සංචාරක ආකර්ෂණය ලබා ගැනීම සඳහාය. පසුගිය 23 වැනිදා රාත්‍රියේද හෝටලයේ ඩිස්‌කෝ නර්තනයක්‌ පැවැත්විණි.

විදේශ සංචාරකයන් පනහකට වැඩි පිsරිසක්‌ ඊට එක්‌ව සිටියහ. මනොඡ් මෙන්ඩිස්‌ද තම සහචරයන් කීප දෙනෙකු සමග හෝටලයට පැමිණ සිටියේය.

මත්පැන් හෝ දුම්පානය නොකළ මනොඡ් සිසිල් පැන් වීදුරුවක්‌ තොලගාමින් හෝටලයේ ගත කළේය.

පොඩි ලසී ඇතුළු සගයන් සිව් දෙනෙක්‌ හෝටලය වෙත එන්නේ රාත්‍රි 11.00 ට පමණය. ලසී කෙලින්ම යන්නේ මනොඡ් මුණගැසීමටය. ඔවුන් දෙදෙනා අතර විනාඩි 15 – 20 ක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ සාකච්ඡාවක්‌ පැවැත්විණි.

අවසානයේ ලසී මනොඡ් සමග හෝටලයේ අඳුරු ස්‌ථානයක්‌ කරා යන්නේ කිසියම් රහසිගත සාකච්ඡාවක්‌ සඳහාය. ඒ සැණෙන් ක්‍රියාත්මක වූ පොඩි ලසී තම කලිසම් සාක්‌කුවේ සඟවාගෙන සිටි රිවෝල්වරයෙන් මනොඡ්ට පිට පිට වෙඩි ප්‍රහාර එල්ල කළේය.

මනොඡ් බේරා ගැනීම සඳහා ඔහුගේ සගයන් ලසීට බෝතලයකින් පහර දුන්නේය. එහෙත් ඒ කිසිවකින් මනොඡ්ගේ ජීවිතය බේරා ගැනීමට ඉඩ ලැබුණේ නැත. වෙඩි ප්‍රහාරයට ලක්‌වූ මනොඡ් මෙන්ඩිස්‌ හෝටලයේ දීම අවසන් ගමන් ගියේය.

හික්‌කඩුවේ දුප්පතුන් අතර වීරයකු වී සිටි මනොඡ් මෙන්ඩිස්‌ අද ජීවතුන් අතර නැත. නීති විරෝධී ක්‍රියාවලින් රජවරුන් ලෙස කිරුළු පළඳින්නට උත්සාහ කරන සැමට සිදුවූ ඉරණම මනෝඡ් මෙන්ඩිස්‌ට ද උරුම විය.

 

හේමන්ත රන්දුණු

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.