National GOV:ජාතික ආණ්ඩු සිහිනය බොඳවේ

 

 

 

ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ගත් තීරණයට එක්‌සත් ජාතික පක්‍ෂය සහ තවත් දේශපාලන පක්‍ෂ කිහිපයක්‌ එකඟ නොවීම හේතුවෙන් මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට නොහැකි තත්ත්වයක්‌ උද්ගතව ඇත.

පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාවට පොරොන්දු වූ පරිදි දින සියයේ වැඩකටයුතු අවසන් කළ වහා අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව මෙම යෝජනාවට එකඟ නොවන පක්‍ෂවල ස්‌ථාවරය වී තිබේ.

එක්‌සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ, ජාතික කම්කරු සංගමය, ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය, ඇතුළු පක්‍ෂ රැසක්‌ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවනවාට විරුද්ධත්වය පළකර ඇත.

 

මේ සම්බන්ධව එක්‌සත් ජාතික ඵක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාගෙන්  කළ විමසීමකදී ඔහු කියා සිටියේ ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නේ නම් එය පිහිටුවනු ලබන්නේ මීළඟ මහ මැතිවරණය පැවැත්වීමෙන් පසුව බවයි.

මහ මැතිවරණයක්‌ පැවැත්වීමට පෙර ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීම සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කිසිදු එකඟතාවක්‌ ඇතිකර ගෙන නැති බවත් ඒ මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලද ජනවරම වත්මන් පාර්ලිමේන්තුවෙන් නිරූපණය නොවන බැවින් මහ මැතිවරණයකට යැම අත්‍යවශ්‍ය බවද ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් කී

national government is not a possibility

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.