National Government:කඩිමුඩියේ මොකද ජාතික ආණ්ඩුවක්?

 

Australia v Sri Lanka - Commonwealth Bank Series

 

 

කැබිනට් ඇමැතිවරුන් 11 දෙනෙක්ද, නියෝජ්‍ය ඇමැතිවරු 10, රාජ්‍ය ඇමැතිවරු 5 දෙනෙක්ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්හ.

දැනට පවතින අමාත්‍යධූරයන්ට අදාළ විෂය පථයන්ගේ වෙනස්කිරීම් සිදුකර නව අමාත්‍යධූරයන් ඇති කොට ඇත. මේ ආකාරයට ඇමති ධුර වැඩි කිරීම යහ පාලන වැඩ පිළිවෙලට එරහිව ගියත් එය දැනට පවතින අර්බුද ගනනාවකටම විසඳුම බව ජනාධිපතිවරයාට සමීප පිරිස් කියා සිටිති.

එක්සත් ජාතික පක්ෂයත්,ශී‍්‍රලංකා නිදහස් පක්ෂයත් එම පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට අවශ්‍ය තුනෙන් දෙකක බහුතර කැමැත්ත ලබාදීම සඳහා  මේ පියවර  ගත් බවයි කියැවෙන්නේ.

පාර්ලිමෙන්තු මැතිවරණය ජූනි  මාසය දක්වා කල්යනු ඇත.ඒ සමගම මහින්ද රාජපක්ෂ පිළට  ඇතිවෙමින් තිබෙන බලයද සීමාවනු ඇත.

.එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍රලංකා නිදහස් පක්ෂය යන දෙපාර්ශවයේම එකගතාවය මත දැන් පාර්ලිමෙන්තු මැතිවරණය ජූනි මසදී පැවැත්වෙනු ඇත.මෙය ශී‍්‍රලංකා නිදහස් පක්ෂය ලැබූ ජයග‍්‍රහණයක් වනවා සේම කෙසේහෝ ව්‍යවස්ථා සංශෝධනයන් සම්මත කර ගැනීම සදහා එම පක්ෂයේ සහය ලබාගැනීමට සමත්වූ වත්මන් රජයේද ජයග‍්‍රහණයකි.

ඇමතිවරුන් පත් කිරීමේදී ජනාධිපතිවරයාට හිතවත් මන්ත්‍රීවරු පත් කොට ඇති බවක් පෙනෙන්ට තිබේ.මේ පිළිබඳව ජාතික හෙළ උරුමය සතුටට පත් නොවන නමුත් අනෙක්

අතට ජනාධිපතිවරයා හෙළ උරුමයේ අත් අඩංගුවට පත් වීම වැලකී යයි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!