NAVY:මටත් තරු වැඩි කරන්න – හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ

5ae5ceda5b6d9c6e759d694c2acda2b9_L

තමන් තරු පහේ අද්මිරාල් නිලයට උසස් කරන්නැයි හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා සිටී.

ජනවාරි 15 දාතමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවන අද්මිරාල්වරයා පෙන්වා දෙන්නේ, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් විශ්‍රාම යෑමේදී ඊළඟ නිලයට උසස් කිරීම 1992 සිට පැවත එන බවයි.

නමුත්, ජනරාල් සරත් ෆොන්සේකා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බවට වන චෝදනාවක් මත 2009 ජූලි 15 වැනිදා දෙදෙනාටම සේවයෙන් විශ්‍රාම ගැනීමට සිදු විය.

ජනරාල් ෆොන්සේකා තරු පහේ ෆීල්ඞ් මාෂල් නිලයට උසස් කිරීමට යන බවට මාධ්‍ය වාර්තා පළව තිබෙන බව හෙතෙම කියා සිටී.

තමා ද තරු පහේ අද්මිරාල් ධුරයට උසස් කිරීම මෙන්ම, නාගරික සංවර්ධන අධිකාරිය අත්පත් කරගත් කිරි මණ්ඩල මාවතේ පිහිටි ඉඩම ද තමන් වෙත යළිත් පවරන ලෙසට කරන්නාගොඩ මහතා ඉල්ලා සිටී.

මේ සමගම ආරක්ෂක අංශ තුල සිදුවෙන  බෙදීම් වැඩිවෙනු ඇත.

ඔහු ජනාධිපතිවරයාට යැවූ ලිපිය පහතින් දැක්වේ.

Former navy commander wants more stars

 

 

 

SFLetter_60px_15_03_13

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.