Navy: අතුරුදහන්වීම් කළේ කවුද?

 

0-400x300

යුධ සමයේ තරුණයින් පිරිසක් පැහැරගෙන යාම සහ ඔවුන් අතුරුදන් කිරීම යන චෝදනා මත නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයෙකු වන ඩී.කේ.පී. දසනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

ඊයේ(28) පස්වරුවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබු අතර එහිදී අදාල චෝදනා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් ප‍්‍රශ්ණ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කලේය.

2008 සහ 2009 අතර කාලසමයේ තරුණයින් විසි අටදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට එල්ලවු චෝදනා මත පදනම්ව මේ වන විටත් අධිකරණයේ නඩු විභාගයක්ද සිදුවේ. මේ සිද්ධියට අදාල පරීක්ෂණ වල දිගුවක් ලෙස නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප‍්‍රකාශකවරයාගෙන් ප‍්‍රශ්න කිරීමට පියවර ගෙන තිබේ.

navy officer questioned

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.