Night Clubbing-මාලක ක්ලබ් ගත වෙන්න අවසර ඉල්ලයි

 

 

සමාජ ශාලාවලට නොයන ලෙස පනවා ඇති තහනම ලිහිල් කරන්නැයි හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලකට එරෙහිව පවරා ඇති නඩුවකදී කොළඹ මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මියගෙන් අද (24) ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම දිවුරුම් පෙත්සමක් ම මගින්  ඉදිරිපත් කරනලෙස ඔහුට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය නඩුව ලබන 23 වැනිදාට කල් තැබුවාය.

බම්බලපිටිය රාත‍්‍රී සමාජ ශාලාවකදී විදේශීය යුවළකට පහර දුන් බවට චෝදනා ලැබූ හිටපු  අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මේ දිනවල ඇප ලබා සිටී.

රාත‍්‍රී සමාජ ශාලාවකදී ඔහු මේජර්වරයෙක්ට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහු උසාවියට ඉදිරිපත් කෙරුණු නමුත් තමන්ට පහර දුන්නේකවුරුන්දැයි අමතකවීම නිසා මාලක නිදහස් විය.

හිටපු ජනාධිපති හේ පුත් යෝෂිත රාජපක්ෂට පහර  දුන් අවස්ථාවේදී තමන්ට කිසිත් කර කියා  ගත නොහැකි වූ බව හිටපු අමත්‍ය මර්වින් සිල්වා මහතා පසුගියදා කියා සිටියේය.

කාන්තාවන් අතර ජනප්‍රිය මාලක අනුන් ගේ තොරතුරු දැනගැනීමට දැඩි සේ ගරු කරයි.මේ හේතුවෙන් තමන් හා ප්‍රීති වන කාන්තාවන් ගේ සේයා රූ අන්තර් ජාලයට මුදා හැරීමට

පැකිලෙන්නේ නැත.එහෙත් මාලක සිල්වා රැකියාවක් කරන තැන හෝ කරන වෙළඳාමක් ගැන දැනගන්ට නැත.මේ වියදම්කර ජීවිතය නඩත්තු කිරීම සඳහා මුදල් ලැබෙන මග හෙළිදරව් කළහොත් මාලක-මර්වින් දෙපළ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් කරන මෙහෙය ඉහළින්ම අගය කල හැකි වෙනු ඇත.

Malaka Silva's Girlfriend_www.paparasinewslanka (24)

 

 

malaka-silva (6)

 

 

 

 

 

 

 

 

 

Malaka Silva's Girlfriend_www.paparasinewslanka (13)

 

 

 

 

 

 

malaka-silva (11)

 

malaka silva requests courts to lift ban on night clubbing

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.