No-ජාතික ආණ්ඩු එපා

 

ජාතික ආණ්‌ඩුවකට සිය පක්‍ෂය එකඟ නොමැති බවත් ලබන අප්‍රේල් 23 වැනිදා පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවාහැර ආණ්‌ඩුව මහ මැතිවරණයට යා යුතු බවත් ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය

 

මහ මැතිවරණයකට නොගොස්‌ එම කාලය දීර්ඝ කර ගැනීමේ ක්‍රියාවලියකට යැම කිසිසේත් අනුමත නොකරන බවත් හෙතෙම කියා සිටියේය.

 

මහ මැතිවරණයකින් අනතුරුව ඒ ඒ පක්‍ෂවලට අවශ්‍ය ලෙස ජාතික ආණ්‌ඩුවක්‌ තනාගත හැකි බවත් සඳහන් කළ අනුර කුමාර දිසානායක මහතා ජාතික ආණ්‌ඩුවකට ජනතා විමුක්‌ති පෙරමුණ එක්‌ නොවන බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

 

දැන් පවතින තත්වය අනුව ප්‍රධාන පක්ෂ දෙක ජාතික ආණ්ඩුවකට යෑමට ඉඩ තිබෙන හෙයින් ඊට විරෝධය පෑමෙන් ප්‍රචාරක වියල් ලබා ගැනීමේ හැකියාවක් ජනතා විමුක්ති පෙරමුණට ලැබේ.අනෙක් අතට නව මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක වුනහොත්  මිළඟ පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණට ලබෙන්බ ආසන ගණන අඩු විය හැකිය.

no to national government-jvp

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.