North:උතුරේ කුමන්ත්‍රණයක්

 

rukum

 

උතුරු පළාත තුළ යළි කළබලකාරී වාතාවරණයක් ඇති කිරීමටත් දෙමළ ජනතා සන්ධානය මෙරට ජාතික දේශපාලනය හා බද්ධවීම වලක්වා ගැනීමටත් විශාල කුමන්ත්‍රණයක් මේවන විට දියත් වෙමින් තිබෙන බව වාර්තා වෙන බව ලංකා ඩේලි කියා සිටී.

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් දෙමළ ඩයස් පෝරාව මෙහෙයවීමට දැඩි උත්සහයක් ගත් යුරෝපීය එල්ටීටීඊ ඩයස් පොරාවේ නායකයකු වන රුද්‍රකුමාරන් විසින් මෙහෙයවන කණ්ඩායමක් හා ආරක්ෂක අංශවලට සම්බන්ධ රාජපක්ෂ හිතවාදීන් පිරිසක් විසින් උතුරේ යම් ගැටලු කාරිත්වයන් නිර්මාණය කිරීමේ උත්සහයක් ගැන අප වෙත වාර්තා වී තිබේ.

Prabhakaran_with_Rudrakumaran.JPG

 

 

ඒ අනුව නුදුරු දින කිහිපයේදී උතුරු පළාතේ යම් ප්‍රදේශ වලින් අවි ආයුධ පුපුරන ද්‍රව්‍ය තොග වශයෙන් මතු වූ බව හුවා දක්වන සිදුවීම් ‍රැසක් නිර්මාණය වනු ඇත. ඒ අනුව යළි එල්ටීටීඊය බිහිවන බවත් රටේ ආරක්ෂාව තහවුරු කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට නොහැකි බවටත් ව්‍යාජ මත රට පුරා පැතුරුවා යලි රාජපක්ෂව දේශපාලන වශයෙන් ශක්තිමත් කිරීම මොවුන්ගේ අපේක්ෂාව වී තිබේ.

මේ සඳහා උතුරු පළාත් මන්ත්‍රීනී ආනන්දි සසිදරන්ගේ සහයද නොමදව ලැබී තිබේ. ඇය එල්ටීටීඊ සංවිධනයේ හිටපු නායකයකු වන එලීලන්ගේ බිරීඳයි. ඇය මන්ත්‍රීවරියක ලෙස පත්වන්නටත් පෙර රජයේ ආරක්ෂක අංශ විසින් ඇයට බරපතල ලෙස තර්ජනය කරමින් සිටි අතර එහිදී රුද්‍රකුමාරන් මැදිහත් වී ජීවිතය බේරා ගැනීමට රාජපක්ෂවරු හා එකඟතාවයකට යන ලෙස ඉල්ලා තිබිණි. ඒ අනුව ඇයට රාජපක්ෂ රජයේ අනුග්‍රහය ලැබිණි. AA002/4 ගරාජ් අංකය දරන සුපිරි ජීප් රථයත් චන්ද්‍රිකා දුරකථන පහසුකම් මෙන්ම එවකට ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් මේජර් පතිරණ නැමැත්තා ප්‍රධාන ආරක්ෂක නිළධාරියා ලෙසත් පොලිස් නිළධාරීන් රැසකුත් ඇයට ලබා දෙන ලදී. ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයේදී ඇය දෙමළ ජාතික සන්ධානය මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂව ගත් තීරණයට එරෙහිව යමින් අදහස් පළ කළේය. රුද්‍රකූමරන්ගේ ඉල්ලීම පරිදි දෙමළ ජනතාව ඡන්දය වර්ජනය කළ යුතු බවත් පැවැසුවාය.

මේ අතර රුද්‍රකුමාරන් විසින් මහ ඇමැති විග්නේශ්වරන්වද බිලි බා ගැනීමේ විශාල උත්සයක නිරතව සිටී. විග්නේශ්වරන් පසුගියදා පළාත් සභාවට කළ යෝජනාව හේතුවෙන් එම උත්සහය තවත් දැඩිව තිබේ. මෙරට මේවන විටත් රැඳී සිටින රුද්‍රකුමාරන්ගේ නියෝජිතයන් සිව් දෙනා පසුගියදා විග්නේශ්වරන් හා සාකච්ඡාවකද පවත්වා තිබෙන උතුරේ ආරංචි මාර්ග පවස

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!